Ads Top

ඇයත් කිරි අම්මෙක්


ඇයත් කිරි අම්මෙක්

සිත්තම් මායා | මකරි 

දික් දඬු හෙයින් කොන් නොකොට
තවමත් කිරි ලැමද විවර කොට
ක්ෂිරය පෙරා හලමින්
පොල්කට්ටකට
නිහඬව කොළ මුදා හරියි ගස පොලවට

රිදෙන බව නොපවසමින්
තැතකට නොහැකි බව තීරණ ගන්නට
වකුටු කොන්දකට පණ පුදයි නිහඬව
ඒත් කිරි තමයි උකුවට සාරය බෙදන

කට්ටි කර පසුව වැහැරුනු කල
කුට්ටි වී ගමනක 
යන්න ඉරණම
දැන දැන ම අනිමිසලෝචන 
මතු පිට දෙන්නද 
බුදු රුවනකට

කහට ඩිංගක් හරි සීනි අල්ලකට
අරන් හවසට දිගැර ගත්තම කොන්දම
චිරිස් ගෑවෙ බැරිකමට 
දරන්නට ගෙයි බර
ඉතින් උඹ ගැබ්බර වුනොත් කොහොමද?

"කිරි දෙන්නෙ මගෙ පොඩි උන් හට"

#මකරි 

Siththam Maya | Anu Perera. Powered by Blogger.