Ads Top

I will Fix You


I will Fix You 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පෙබරවාරි පළමු දාට 
හරියටම සති තුනක් 
මං කොලොම්පුරේට ඇවිදින් 
තනියම ජීවත් වෙන්ඩ 
අලුත් රස්සාව කරගෙන ඉන්ඩ 
ඔව්, කාටත්ම කිව්වේ නෑ මං 
මේවෙනකම්ම 
දන්නා කියන කීපම සමීපතමයකුටම ඇරෙන්න 
ඉතිං මං මිදුනා මගේ ඒ අතිජාත 
කොම්ෆෝර්ට් සෝන් එකෙන් හරි අමාරුවෙන්ම 
ආලේ කරන්න ගත්තා 
හරි හෙමීට කලබල කොලොම්පුරේට  
ඔව් කොලොම්පුරේ හරිම විසේකාරයි 
හරිම සරාගියි 
තාමත් මං බයයි 
තාමත් මට පාළුයි 
තාමත් මං හොයනවා 
ඒ කලබල හයිලෙවල් පාරේ 
සැනසීම තියෙන තැනක් 
එතැනට වෙලා මගේ ඊළඟ පොත ලියන්ඩ 
මේ අවුරුද්දේම එළි දක්වන්ඩ 
ඇයි ඊළඟ පොත ලියන්නැත්තේ අහපු උදවියට 
බලාපොරොත්තුවක පිළිතුරක් දෙන්ඩ 
ඒ විතරක් නෙවේ බං 
මං සති තුනක්ම ගත්තා 
මං වෙනුවෙන් ඉදිය උන්ට ස්තූති කරන්ඩ 
අනේ මං, නම් වශයෙන් කියන්න ඕනෑම නෑ 
උන් එක්ක මොන මොන කහට තිබ්බත් 
මතකයි මා වෙනුවෙන් ඉදිය හැටිම 
බාගදා සමහර වෙලාවට සිද්ද උනා මට 
මගේ පට්ට හොඳ හිත ගලක් කරගන්ඩ 
උඹලාගේ සිත් රිද්දන්ඩ 
අවුරුද්ද පටන් ගනිද්දීම 
මං දාගත්තා මටම ඒ නීතිය 
තව දුරටත් අයිස් ක්‍රීම් නොවිකුණන ලෙසට 
ඉතිං මට කල් දියන් 
මගේ ඒ සිහිනය සැබෑ කරගන්ඩ 
අස්පයෙකු මෙන් දුවන්නට 
අපි මුණ ගැහෙම්මු 
හොඳ පොට් එකක 
මගේ අත මිට හොඳටම සරු දාට 
මං උඹලට ගෙවීම් කරන්ඩ ඉඩ නොතියන දාට 
එතකම් අපි තනි තනියෙන් බුදු වෙම්මු 
ඒ තර්ඩ් ක්ලාස් කොලොම්පුර බිම 
අනාගතේ යම් දිනෙක 
ආකල්පමය වශයෙන්  ෆස්ට් ක්ලාස් කරවන්ඩ 
රස්නේ නගරයක් වෙනුවට ඔක්සිජන් නගරයක් කරන්ඩ 
තැඹිලි පාට වෙනුවට හරිත පාට ගේන්ඩ 
අන්න එදාට මට ඕනෑ 
මුළු කොලොම්පුරේම පෙනෙන උඩකට ගිහිං 
කෑගාලා කියන්ඩ 
"Colombo I fixed you" ලෙස 
ඒක පට්ටම අහිංසක බලාපොරොත්තුවක් ! 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.