Ads Top

බැඳපන් ඉක්කනට එහෙනම්


බැඳපන් ඉක්කනට එහෙනම් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අම්මපා 
මට සතුටු හිතුණා 
උඹ කරකාර යනවයි කිව්වම 
මන්දා මේක රට්ටුන්ගෙන් 
වසන් කරන්න ඕනේ නෑ නේද 
ඔන්න ඔහේ උනුත් දැනගත්තාවේ 
උඹේ දැන් ඔය ප්‍රසිද්ධ රහස 
අපි කතා කරන්නෙත් හරි අඩුවෙන් නේද 
අපි අඩුම තරමේ මැසේජ් එකක්වත් හුවමාරු කරගන්නවාද 
අහ්හ් හැබැයි අපි කොමෙන්ට් වලි දාගන්නවා නේද 
ඒ කොමෙන්ට්ස් දකින උන් හිතන්නෙම 
අපි අතරේ මොන මොනා හරි තියෙන හැටියට 
හාහ් හඃ 
ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගැන උන් දන්න බම්බුව 
විශ්වාස කරපං 
මං මෙහෙම ලියනවයි කිව්වම 
එක හුස්මට 
උඹේ ඔය ආරංචිය කන වැකුණ මොහොතෙම 
විනාඩි 10ක් වත් නැතුව ඇති නේද 
උඹ මේක දැන් මට කිව්වා විතර නේද 
උඹ මගේ හිතේ කොනේ ඉන්න 
සිරා යාලුවෙක් බං හැබෑම 
ඒකයි මේ හැටි වචන 
පට පට ගාලා විසිරුණේ හැමතැන 
මචං ඒක ලියවුනේම 
හැඟීමක් ආදරෙත් එක්කම මුහුකර 
එහෙනම් නැත්තන් නම් මෙහෙම 
සත්තයි ලියවෙන්නෑ බං කිසිම 
බයිලා ඕන්නෑ ගොන් එළදෙන 
ළඟදීම ගම්මු හොඳ මඟුලක් 
උඹයි අරුන්දැයි පෝරුවේ හිට්ටෝලාම 
අනේ මන්දා බං ඒක 
එකම නාඩගමක් වෙයි 
හිනා කාලම මැරෙන්ඩ 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.