Ads Top

හා කියන්න රාළහාමි, ඔව් හා කියන්න !



හා කියන්න රාළහාමි, ඔව් හා කියන්න !

සිත්තම් මායා | අනූ පෙරේරා 

ආදරේ වැඩි කමටම 
පරිස්සමින් රැක බලාගන්නවා ලෙස සමහරවෙලාවට 
ඔවුන් කරන්නේම වරදක් 
ඔව්, වෙන්න පුළුවන් වෙලාවකට 
ළමයෙකුගේ උත්සාහය 
ආදරයේ නාමයෙන් 
ඇරඹුමේදීම ලොප් කරන එක 
දෙමව්පියෙක් කරන ලොකුම ලොකු වරදක් 
මන්දා පුදුමයි එයාලා ඒකට 
හරිම සාධාරණ තර්ක ගේන එක 
ඒ හින්දම වෙන්නැති මං මෙච්චර හිතුවක්කාර 
මං මෙච්චර දඩබ්බර 
ඇත්තමයි,
උඹලා අතරේ ප්‍රසිද්ධ ඒ චරිත දෙක 
රාළහාමියි මහා රාණියයි 
සත්තමයි තාමත් තේරුම් ගෙන නෑ බං මාව 
හැබැයි ස්තූතියි මහා රාණිය, 
මං මත තබන අසීමාන්තික විශ්වාසයට 
වෙලාවකට මට දරගන්නත් බෑ බං 
ඇය මාව විශ්වාස කරන තරම ගැන 
හැබැයි නෙවෙයි මගේ ගමන ගැන 
එනිසා, අම්මපා දැන් මට මහන්සියි 
එයාලට මේ දේවල් තේරුම් කරලම 
දයාබර රාළහාමි,
එකම එක ඉල්ලීමක් කරන්නද 
පුළුවන්ද ඉවසන්න පුංචි කාලයක් 
ඔව් පුංචිම කාලයක් 
ඔබේ මගේ නාමය 
ලොවක් ඉදිරියේ මුමුණවන්න 
දවසක් ඔයාමයි කිව්වේ නේද 
පෙරේරා ලා උපතින්ම කලාකරුවන්ම බව 
හරි මට දෙන්න ඉඩ 
මේ ලෝකය වෙනස් කරන්න 
හා කියන්න රාළහාමි, ඔව් හා කියන්න !

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.