හරිම සංකීර්ණයි ' ඇය
හරිම සංකීර්ණයි ' ඇය
සිත්තම් මායා | අනූ පෙරේරා
හිතාගන්නවත් බැරි වේවි නුඹට
ගැහැණු දරන ප්රශ්න
දැනුනොත් උසුලන්නවත් බැරි වේවි නුඹට
හරිම සංකීර්ණයි ඒවා එතරමට
පහදන්නටත් බැරි විදියට තරමින් අඩුම
ඉතිං උන් අලේප කරගන්නවාලු
හරිම ෆේක් සිනහවක් මුහුණට
සඟවාලන්නට ඒ ගැටළු
මුළු ලෝකයෙන්ම
හරිම ශක්තිමත් ගැහැණියක් විදියට ඉදිරියට
හැබැයි දැකලා තියෙනවද නුඹ
දිගක් පළලක් ගැහැණියකගේ හිත
එතරම්ම විශාලයි කිසිත් නොපෙනෙන
උත්සහ කරනවා නම් තේරුම් ගන්නට එය
ඵලක් නෑ බං උන් ඉන්නේ වෙනම සීමාවක
කාටත් වද නැති නිහඬ අරගලයක
පුංචි උදව්වක් කරන්න පුළුවන්ද නුඹට
හෙළන්නේ නැතුව ඉන්නවද උන්ව
දමා ඔය ආටෝප චීත්ත පිරිමිකම පසෙකට
නුඹ වෙරි මතේ අමතක කරන ප්රශ්න
උන් විසඳනවාලු හොඳ සිහියෙන් හරිම නිවැරදිව
නුඹට දරන්නට බැරි වේදනාව
උන් විඳිනවලු මැරෙන තුරු කිසිත් නොකියම
එකම දෝෂාරෝපණයක් නැතිවම
ඉඩ දියන් ටිකක් ඇයටත් ස්වාධීන වන්නට
නුඹව පරයා යයි කියන බය නැතිව
හරි අපි මෙහෙම කරම්මුද
වැඩිය ඕන්නෑ ටිකක් ගරු කරපං
එවන් ගැහැණිය ට
#අනුවා
Comment with Facebook