කාර්තුවක් නිමා වනතුරු !
කාර්තුවක් නිමා වනතුරු !
සිත්තම් මායා | අනූ පෙරේරා
මට තාමත් හිතාගන්නට බැරි
මේ ගෙවෙන්නේ මගේ ජිවිතයේ
හොඳම කාර්තුවද නරකම කාර්තුවද වග
ඒක ශක්තිමත් කරනවා වෙලාවකට
ඒකම පහළට ඇද දමනවා අනෙත් අතට
හැමදේම නිසල මොහොතක
හිත විතරක්ම කළබල
නෑ කිසිම හික්මනක් මං මටම
පුදුමයි මට කොහේ ගියාද ඒ මගේ
හීන ඉටු කරගැනීමේ සංයමය
ඒ පුහුණු කළ සිත
නෑ ඒක ඇති, මං ගාවම
මං නොදන්නවා වුණාට
මට නොතේරෙන වගේ වුණාට
දැනෙනවද පුංචිම පුංචි කැමරාවක් උරුම කරගන්නට
මං ගැහෙන තරම
දවස් හතම සමහර වෙලාවට වැඩිපුරත් එක්ක
රස්තියාදු කීයකට බෑ කියවුනාද බව
ඒ වෙනුවෙන් පසු තැවෙන්නටවත්
වෙලාවක් වෙන් නොකළ බව
හරියටම කිව්වොත් මෙහෙම
මං ජිවත් වුණා පසුගිය තෙමස තුළ
හැඟීම් දැනීම් නැති මිනිසෙක් ගාණට
හිතමිත්රකම් පවා සීමාකරගෙන
පුද්ගලිකබවක් නොසිතාම
යාන්ත්රණය වූ රොබෝවෙක් ගාණට
හැබැයි එකම එක දෙයක් සිහි තබාගෙන
මොනා උනත් සිනහා විය යුතු බව
ඇත්තම කියන්නද
මට දැන් ඒකත් හරි අමාරුයි මිතුර
මේ ඉලව් ජූනිය අවසන් වනතුරුම
එනිසා අපි මෙහෙම කරමුද
ටිකකට එහෙ මෙහෙට වෙලා
එළඹෙන ජූලියේම හමුවෙමුද ?
#අනුවා
Comment with Facebook