Ads Top

දින පහක් දිග හැරෙන, අපේ ආදර කතාව



දින පහක් දිග හැරෙන, අපේ ආදර කතාව

සිත්තම් මායා | අනූ පෙරේරා

ඇය 
එදා පුදුම ලස්සනක් 
මම හිතන්නේ මට විතරක් 
කවුරුත්ම අගය කළේ නෑ
ඇගේ සුන්දරත්වය
ඇගේ ලාලිත්‍යය
සමහරෙක්ට දැනිලම නෑ
ඇගේ එදා වූ නැවුම් බව  
මට කියන්නම හිතුණා 
උඹ හරි සරාගී බව
අගය නොකළාට 
සැවෝම උඹට හරි ආදරේ බව 
මොන දේ උනත් උඹව අත නොහරින බව 
කොපමණ වෙලාවක් වුවත් උඹ එනකම්ම
ඇඟිලි ගණින බව 
උඹ පසුගාමි වනවිට 
අපි උඹ වෙනුවෙන් ජය පතන තරම
උඹේ වැඩ කිඩ වලට අපි 
හුරේ දාන තරම
කොහොම මොන තරම් පොෂ් අය ආවත්
අපි උඹ අත නොහරින බව
එකම එක දවසක් පොඩි හරි අසනීපයක් නම්
අපි ඒ ගැන වධ වෙන තරම
ඉතිං උඹට දැනෙනවද
හිත යටින් අපි ඔක්කොම උඹට පණ ඇරලා ආදරේ බව 
සතියේ දවස් පහක් දිග හැරෙන 
අපේ ආදර කතාව 
මහව දුම්රිය 
උඹ සමඟ 
මේ ගෙතුන අකුරු ටික
උඹට උපහාරයක් වනු පිණිස 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.