Ads Top

එතකං ඉවසන්න සිත්තම් මායා


එතකං ඉවසන්න සිත්තම් මායා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔයා - මම 
කාලෙකින් අකුරු අතරින් හමුවෙන්නේ මේ 
හරිම සීමිත ඉඩ අවකාශයක 
හරිම සීමිත ප්‍රස්තුතයක 
ආගන්තුකයන් විදියට 
ඉස්සර වගේ දැන් මුකුත්ම නෑ නේද 
කාලෙකින් අප්ඩේට් උනෙත් නෑ නේද 
සමාජ ජාලාවේ ක්‍රියාකාරී උනේම නෑ නේද 
අන්තිමේදී අපිට 
වෙලාවත් නෑ සල්ලිත් නෑ නේද 
ඒත් මට ඇහුම්කන් දෙන්න උනා 
සම්ප්‍රදායට 
ඒ මහා රැට් රේස් එකට එන්ටර් වෙන්නට 
සිදුවුනා මගේ කැමැත්ත අකමැත්ත නොඅසාම 
ඉතිං මට උනා ඉන්නට 
ඔයාගෙන් දුරින් 
පණ අදින පරිගණකයෙන් 
අද ආවේ ඔයා බලන්නට 
ඉන්නට බැරිම තැන 
දන්නවද සිත්තම් මායා,
ඔයා මගේ කුළුඳුලේ දරුවා බව 
මං හිටියත් නැතත් ඔයාව බලන්න 
පිරිස ඉන්නවාලු හරි හරියට 
දවසක් දුම්රිය අල්ලගන්න මහන්සියෙන් 
මරදානේ ඉන්නකොට 
කෙනෙක් ඇවිත් මට කිව්වා හරි ආදරෙන් 
අපි නිතර හමුවෙමු 
අලුත් ලැප්ටොප් පරිගණකයක් ගත්තාම 
එතකං ඉවසන්න 
සිත්තම් මායා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.