Ads Top


176

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔබ දිනපතා ඉහත අංකය සහිත 
කරගම්පිටිය - හෙට්ටියාවත්ත යන 
අහු මුළු දෙකක් යාකරන බස් රථයේ 
කාර්යාලය වෙත ගමන් කරන්නෙක් ද ?
එසේනම් ඔබ පව්කාරයෙක් 
එහෙමත් නැත්නම් 
කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට නාවල දෙසට 
කාර්යාල වේලාවන්හිදී ගමන් කරන්නෙක් නම් 
ඔබ ඩබල් පව්කාරයෙකි 
එසේමත් නැතිනම් කඩවත ප්‍රදේශයේ සිට නාවල දෙසට 
එකී වේලාවන් වලටම ගමන් කරන්නේක්නම් 
ප්ලීස් ඔයා හිත හදාගන්න 
එලෙසම ඔබ දන්නවාද 
176 බස් රථයක යන විට 
පෞද්ගලිකව මා ලබන සුන්දරතම අත්දැකීම 
අන් කවරක් නෙවෙයි බං 
ඒ තවත් 176 ක් මා යන බස් රථය පසු කිරීමයි 
ඉන්පසු ඒ රියදුරු මහත්වරුන්ට 
ප්‍රෞඩ ලාංකික මහා ට්‍රැෆික්ස් නතින් ය 
ෆ්ලයිට් මෝඩ් ඔටෝ ඔන් වෙනවාය 
අවසානයේ මරදානෙන් මා දුම්රිය අල්ලගන්නවාය 
සියල්ලෝ සතුටින් විසිර යනවාය 
අවසානය නොගැලපෙනවාය 
උඹලත් ඔහේ කියවනවාය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.