Ads Top

බොලිවුඩ් නස්පැත්ති III - Sonam Kapoor ගේ ශේල්ෆිය


බොලිවුඩ් නස්පැත්ති III - Sonam Kapoor ගේ ශේල්ෆිය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඕන්න ආවා උණු උණුවෙන් .....

සහසුද්දෙන්ම 
සෝනම් කපූර් චීස් කොත්තුව ඉදිරියේ බාල්දු විය 
" ඔහ්හ් මයි ගෝෂ්..... ඊස් දැට් අනුවා ? "
දීපිකා දෙස හොරෙන් බැලූ 
කසාද බැඳී පිරිමි පරාණයක චායාරූපයක් 
අනුවා ගන්නා අතර වාරයේදී 
 සෝනම් ඇයගේ පර්සනල් මනේජර්ගෙන් අසනු 
නරියාට ඇසී තිබුණි 
මා දැන් රටේ වගකිවයුතු සැලිබ්‍රිටියක් නිසා 
එවැනි දේ දැන් මා හට සාමාන්‍ය දෙයක් වෙලාය 
සෝනම් කපූර් අප තිදෙනා දෙසට පිඹගෙන ආවාය 
" ෂැල් වී ටේක් අ ශේල්ෆි ? "
ඇය අප ඉදිරියේ වැඳ වැටුණේ 
පහුගිය ජනාධිපතිවරණයේදී 
මහින්ද රාජපක්ෂ දිනවන්නැයි 
ඔහු ජනතාව ඉදිරියේ වැඳ වැටුණාක් මෙනි 
එනමුත් තවමත් මා හට නොතේරෙන කාරණාව නම් 
සෝනම් හා සෙල්ෆී චායාරූපයක් ගැනීමට 
මාගේ අයි ෆෝන් සෙවන් ප්ලස් දුරකථනය 
නරියාගෙන් ඉල්ලූ විට 
නරියා මා වෙත රතු ජෙල් පෑනක් දික් කළේ මන්ද යන්නයි 
එය ඊ සිරියාවම විය යුතු බව 
අවදි වූ පසු මම පසක් කරගතිමි 
ඕකුන් ඉස්සර ඉඳන්ම මා දියුණු වනවාට අකමැතිය 
මා ප්‍රසිද්ධ වනවාට අකුල් හෙළුවෝය 
මාගේ කේන්දරයේ පවා 
එය උදෘත පාඨ ඇතිව ලියා ඇති බව 
පසු දිනෙක 
ඉන්දික තොටවත්ත මහතා එක හෙළාම මට කීවේය 

#අනුවා
Siththam Maya | Anu Perera. Powered by Blogger.