Ads Top

රොමෑන්තික සිකුරාදා


රොමෑන්තික සිකුරාදා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හුඟක් දෙනෙක් ආසම
දවසයි 
සිකුරාදා 
රොමෑන්තික සිකුරාදා
මිනිස්සු 
ඒ දවස පටන් ගන්නේම 
හෙන සංතෝසෙන්
මොකද කිව්වොත්
8 - 5 මානසිකත්වයක
අපිව බොසාලා ජීවත් කරවන නිසා
නැත්තම් මේ හැම දවසක්ම එකක් නෙවේද
ආරම්භක සඳුදාට එක විදියක්
සති අවසාන සිකුරාදාට එක විදියක් 
සමාජයම මේ ගැටේට අහු වෙලා
කරන්න දේකුත් නෑ
කොච්චර ලොකුකම් පොෂ්කම් දැම්මත්
ලංකාවේ බහුතරයක් 
මධ්‍යම පාන්තිකයන්
ඒ කරුමෙන් ගැලවෙන්න හිතාන
ජීවිතේම ධනේශ්වරයන්ට
සින්නක්කර ලියපු 
කොටසකට
රොමෑන්තික සිකුරාදා යනු
ආලවන්ත දිනයක් 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.