Ads Top

උඹට මතකද


උඹට මතකද 

සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹට මතකද 
අපි ඒ දවස් වල කරපු 
නොසන්ඩාල වැඩ 
අපිට අපි 
අරගලවාදියෝ 
මේ මොනවා හරි 
පොඩි ඉල්ලීමක් දෙකක් වෙනුවෙන් 
සොෆ්ට්වෙයාර් 
එකක් දෙකක් ගහලා 
හොයාගන්න කීය හරි 
ඔහේ බොරු සෝබන දේවල් වලට වියදම් කරගෙන 
ලේසි පාරවල් තියෙද්දී 
කට්ට කාලා ගොඩ යමු මචං 
කියාගෙන 
මහා පාන්දර වෙනකම් ප්ලෑන් ගහගෙන 
'ඉවරයක් නැද්ද ඔය කිචි කිචිය '
හැමදාම රෑට අම්මගේ බැනුම
පුරුද්දක් කරගෙන 
අනිත් පැත්ත උනත් 
උඹ නංගි මම අක්කා වගේ 
හිටපු කාලයක් තිබුනලු 
උඹට මතකද ?
ෆේස්බුක් නොටිෆිකේෂන් එකකට 
පිං සිද්ද වෙන්න 
අද මට මතක් උනා 
උඹව 
මොඩියේ 
විසි තිස් දාහට 
ජීවිතේම බොසාට සින්නක්කර නොකර 
වරෙන් මේ පැත්තේ 
බත් කටක් කාලා යන්න 
ඉස්සර වගේ එකම පිඟානට බෙදාගෙන 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.