Ads Top

කාරුණික දැනුම්දීමයි ! අත කැඩී ඇත


කාරුණික දැනුම්දීමයි ! අත කැඩී ඇත

සිත්තම් මායා | අනූ පෙරේරා

ක්‍රියාන්විතයක යෙදුනු තිලංක සහෝදරයාට මෙය උපහාරයක්ම වේවා

එම සහෝදරයා අත කඩා ගන්නා ලදී
බයික් එකෙන් නොවැටී ඇත
එබැවින් එලෙස ඇසීමෙන් වළකින්ට  
ඔන්ලයින් ගේමක් ගසමින් හිඳ ඇත
නිවසේ විදුලිය විසන්ධි වී ඇත
වයිෆයි ද විසන්ධි ඇත  
එනිසා ගේම අත් හිටුවීමට වී ඇත
අම්මාට කතා කොට ඇත
නමුත් ප්‍රතිචාරයක් තිබී නොමැත
‘මොන මඟුලක් ද’ පවා කියවෙන්ට ඇත
කාමරෙන් එලිබැස පඩිපෙළ බසින්ට ඇත
අම්මා එළියක් සමඟ ඉදිරියට පැමිණ ඇත
මූණට සැරට එළිය වැදෙන්ට ඇත
පඩි අතර මනසේ එස්ටිමේෂන් නැති වී ඇත
කෙසේ හෝ තිලංකයා බීම පතිත වී ඇත
වමතේ අස්ථියක් තුනට පිපිරී ඇත
වෙන්ට තියෙන දේ ගෙදරදී වුවද විය හැක
දැන් මෙය හැමෝටම කීමට එපා වී ඇත
එබැවින් සහයෝගයට මෙය ලියැවී ඇත
ඇහුවොත් කවුරු හෝ මේ පුවත
ලින්ක් එක ෂෙයාර් කිරීම පහසු වනු ඇත

ඔබට ඉක්මන් සුව !

#අනුවා



Siththam Maya | Anu Perera. Powered by Blogger.