Ads Top

9/12 Get Set


9/12 Get Set 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒ සතුට 
වචන වලට ලඝු කිරීම පවා 
කිරීමට හිත ලෝබකම් කියයි 
මට අනුව නම් 
එතැන තිබුණේ 
සතුටක් නොවෙයි 
'උමතුවක්'
අවුරුදු ගණනකින් 
නොදැකපු 
නොඅසපු 
මිතුරන් එක්කාහු කරන 
ඔබ මා දන්නා 
Get Together 
ඇතැමෙකුට 
මේ මොන විකාරයක්ද විය හැක 
සල්ලි නාස්තියක් පවා පෙනෙනු ඇත 
මිනිස්සු නාස්ති කරන්නේ ඔහොමද 
නොපැමිණීමට හේතු නොව 
පැමිණීමට එකම හේතුවක් 
හදා ගත්තා නම් 
අද උඹත් 
අපි වගේම 
කටවල් පැලෙන්ට හිනා වෙනවා 
කරටි කැඩෙන්ට නටනවා 
අවුලක් නෑ 
ඊළඟ එකට සෙට් වෙමු 
හා ද ? 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.