අවුඩියක් හැප්පිලාලූ
සිත්තම් මායා | අනූ පෙරේරා
අවුඩියක් හැප්පිලාලූ
ඔය දැක්කමලූ
අයිතිය ගැහැණු කෙනෙකුටලූ
ඇය ඉතා ලස්සනලූ
ඕනෑකමින් බැලුවාලූ
වැරැද්ද ඇයගේලූ
පොලිසියත් ඇගේ පැත්තේලූ
වැරැද්දක් නැති හැඩයිලූ
120 එතන පහු කලාලූ
මගේ නොම්බරේ ගත්තාලූ
එය මට කීවාලූ
ඉතිං
පාන්දර මාත් අසුබ ආරංචියක් ඇහුවාලූ
#අනුවා
No comments:
Post a Comment