Ads Top

ගැබ්බර මව


ගැබ්බර මව 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඇයත් මවකි 
ගැබ්බර මවකි 
ජීවියෙකු මෙලොවට බිහිකරන්නට 
සැරසෙන මවකි 
ඉතිං ඇය 
කොහෙන් හෝ ලැබෙන 
ඉඳුල් ටිකක පහස 
රජ බොජුන් මෙන් විඳ 
තම කළලය පෝෂණය කරාවි 
දරු ප්‍රසූතියට 
නුඹ කොහි යන්නද ?
කොහේ හරි මුල්ලක 
නුඹේ පැටව් 
නුඹම වදාවී 
වේදනාව 
දරන්නට බැරි තැන 
එක් 
" ඤාව්වකින් "
එය පිට කරාවී 

#අනුවා
Siththam Maya | Anu Perera. Powered by Blogger.