Ads Top

Green August


Green August 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මිනිසෙක් සැබැවින්ම මානුෂියද ?
වත්මන තුල එය කාගේත් ගැටළුවයි 
මිනිසෙකු දෙවියෙකු හෝ තිරිසනෙකු වන්නේ 
ඔවුන්ගේ ක්‍රියාවන් තුලිනි 
ඔවුන්ගේ ආකල්ප තුලිනි 
මිනිසත්කම අන්තෙට නැසුන 
මිනිසුන් හමුවේ 
මේ අකුරු වන්නට සූදානම 
එක්තරා පදනමක් පිළිබඳවයි 
නමින් 
" Green August "
ඔවුන්ගේ පැහැදිලි ඉලක්කය 
මේ මිහිකත නැවත මනාළියක් කරලීමටයි 
හරිත වර්ණයේ පහස 
ලෝකවාසීන්ට නැවත දෙන්නටයි 
ලාංකීය ජනගහණයේ ප්‍රමාණයට  
දේශය යළි ලියාදෙන්නටයි 
ඔවුන්ගේ මේ සුන්දර ප්‍රයත්නය 
මොහොතක් සිතන්න
මේ ඔවුන් වෙනුවෙන් නොවෙයි 
ඔවුන්ගේ වාසියට නොවෙයි 
ඔබ මම අපි වෙනුවෙන් 
අනාගත නුඹේ මරණය 
සහරාවක නොවන්නට  
ඔවුන් ගත් පළමු පියවරයි 
අපි ඔවුන්ට සදා ණයගැති නොවේද ?
එසේනම් අත්වැල් බැඳගන්න ඔවුන් සමඟ 
හැකි උපරිමයෙන් 
ක්‍රියාන්විතයට උපකාර කරන්න 
මන්ද මේ ඔවුන්ගේ දේශය වෙනුවෙන් නොවෙයි 
මේ අපේ මව්බිම වෙනුවෙනුයි 
උඹට මට 
මේ මාතෘභූමියට කෙළෙහිගුණය දක්වන්නට ලැබෙන 
හොඳම සහ එකම අවස්ථාව මෙයයි 

#අනූ 

වැඩිවිස්තර සඳහා :

Siththam Maya | Anu Perera. Powered by Blogger.