Ads Top

කෝලිතගේ දෙවනි නංගි - සඳුනි


කෝලිතගේ දෙවනි නංගි - සඳුනි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

- සත්‍ය සිදුවීමක් ඇසුරෙනි, නම් ගම් මනංකල්පිතයි  

" ඒයි මේ, මට උඹේ ඊමේල් එකයි පාස්වඩ් එකයි දීපං "

" මේ.... මේ.... ඇයි ඒ.... "

" උඹ පැහෙන්නේ නැතුව දීපන්කො "

" හා "

" ඉතිං කියපන් "

" මේ... මේ.... කෝලිතගේ දෙවෙනි නංගි "

" ආ.... හරි හරි කෝලිතගේ .... දෙවනි.... නංගි .... "

" නෑ.... නෑ.... කෝලිතගේ දෙවනි නංගි "

" හරි බං , කෝලිතගේ දෙවනි නංගි "

" නෑ.... නෑ..... "

" එහෙනං ? "

" මට මෙතන කියන්න බෑ ඕයි "

" මුකුළු දාන්නේ නැතුව කියපන් "

" සඳුනි සඳුනි "

" ආ... සඳුනි සඳුනි, දෙපාරක් ගහනවද ? "

" නෑ ඕයි එක පාරක් සඳුනි "

" ඈ.... යකෝ උඹ මොකටද ඒකිගේ නම දාගෙන ඉන්නේ "

" නිකං නිකං "

" වරකෝ ගෙවල් පැත්තේ "

හම්මේ අහං හිටපු අපිට ආතල් ගොඩායි :D 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.