Ads Top

හාමුදුරුවන්ට ආසනේ දෙන්ට ගිහිං අනුවගේ අත කැඩෙයි


හාමුදුරුවන්ට ආසනේ දෙන්ට ගිහිං අනුවගේ අත කැඩෙයි

සිත්තම් මායා | අනූ පෙරේරා

ඇත්තටම සිද්ධ උනේ ඒක නෙවෙයි. හැබැයි අනුවත් ප්‍රසිද්ධ චරිතයක් උනා නම් පත්තර වල හෙඩ් ලයින් ඔහොම යන්න ඉඩ තිබුණා. එහෙනම් මම මේ කතා කරන්නේ රටේ මාධ්‍ය ගැන. අනුවත් එක්තරා විදියක මාධ්‍ය කාරයෙක් තමයි. හැබැයි ඉතිං මිනිස්සුන්ව නොමඟ යවලා බොරු හෙඩ් ලයින් ගහලා promote වෙන්න දඟලන කෙනෙක් නෙවෙයි මං. කොහොමෙන් හරි පොඩි ටෙස්ටින් පාට් එකක් විදියට තමයි අද ටයිටල් එක දැම්මේ.

හරි දැන් මෙහෙමයි සිද්දිය උනේ. හෙනම වැදගත් කියන්න පුළුවන් මීටිමකට සහභාගී වෙලා කිරුළපන ඉඳන් ගෙදර යන්න බලාගෙන අනුවා නැග්ගා මහරගම පිටකොටුව 138 බස් එහෙකට. කොහේ ගියත් කසාද බැදගත්තා වාගේ ලඟින්ම තියාගන්න ලැප් එකයි අනික් සුළු සුළු දේවල් දාගන්න බෑග් එකයි කද මළු බැඳගෙන ඉස්සරහින්ම නැග්ගා ඔන්න. බස් එකේ හිටි ඔක්කොම වගේ ඉඳගෙන මෙහෙමයි කියලා පස්ස ඇන තියාගන්න ආසනයක් තිබ්බේ නෑ. අහ්හ් තිබුණා තිබුණා ඉස්සරහම සීට් එක තිබුණා. අපි ගොඩක් වෙලාවට ඉතිං ඕක මග ඇරලා නෙවැ ඉඳ ගන්නේ. බැරි වෙලාවත් හාමුදුරුවෝ කෙනෙක්, ගැබිණි මාතාවක් එහෙම වැරදිලා හරි නැග්ගොත් අසුන පනවන්න වෙන හින්දා අතිශය පරිත්‍යාගශීලි අපි අසුනේ ඉඳ ගන්නෙම ඉඳගන්න වෙන අසුනක් නැතිම වෙනකොටනේ.

ඉතිං අනුවටත් උනේ ඔය ඇබැද්දියමයි. ඉඳගෙන පොලිස් පාක් හරියෙදීම වගේ නැග්ගා ස්වාමීන් වහන්සේ නමක්. හම්මා නගිටපන්කෝ දැන්. දඩි බිඩියේ අනුවා බෑග් දෙකත් කරට අරං නැගිට්ටා. හැබැයි මොකක් හරි කරපු පෙර පිනකට ලැප් එකේ සම්පූර්ණ බර වැටුනා අනුවගේ වම් අතේ සුලැඟිල්ලට.

" කොරොස් " සද්දයක් එක්කම " දඩොරියන් " ගාලා ටොප් ලැට් එක ඇදගෙන වැටුනා. ඇඟිල්ලේ පොඩි රුදාවකුත් එක්කම අනුවා වැටුන ඔක්කොම අහුලගෙන පිටිපස්සට ගියාම ඔන්න දෙයියනේ කියලා තිබුණා සීට් කෑල්ලක්.

මෙන්න බලාගෙන ඉන්නකොට ඇඟිල්ල ඉදිමෙනවා. හරියට පොඩි බැරල් කෑල්ලක් වගේ. හාමුදුරුවන්ට සීට් එක දෙන්න ගිහිං අනුවගේ ඇඟිල්ලට සිද්ධ උන අකරතැබ්බේ ඕක තමයි. හැබැයි ඉතිං වරද මගේ. මම නෙවැ කලබල උනේ.


- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.