Ads Top


SHE 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අනේ මන්දා පොඩි වැඩක් කරලා හෙන සන්තෝසේ 
හරියට පොඩි උන් වගේ 
ඔව් අපි පොඩි උන් 
මේ ක්ෂේත්‍රයට අපි අළුත් 
අපේ වැඩත් පුංචි පහේ වගේ ඇති 
හැබැයි අපිට ඒක ලොකු දෙයක් 
ෆ්‍රෙෂ් දෙයක් 
සමාජෙට හොඳ දෙයක් 
පණිවිඩයක් 
කවදා හරි මම 
හොඳම අධ්‍යක්ෂකවරියක් වෙනවා 
ඒක ඉර හඳ වගේ මට විශ්වාසයි 
දැනටත් අපි පොඩි උන් කරපු ඒවගේ 
අඩු පාඩු කිය කිය  
අපිව පාච්චල් උන තැන් එමටයි 
කමක් නෑ සුදා 
අපි සැලෙන්නේ නෑ 
මේ අනුවා සැලෙන්නේ නෑ බොලව් 
අහ්හ් ඒවාට කියන්නේ "මඩ" කියලා 
ඒත් මඩ වැදෙන්න තරම් අපි පොරවල් නෙවෙයිනේ 
මඩ ගැහුවත් කමක් නෑ 
මේන් වැන්දා 
ඉරිසියා නම් කරන්න එපා 
මොකද අපිත් කට්ට කන්නේ ගොඩ යන්න 
ගොඩ යන්නම නෙවෙයි 
අපි පිට කරන්නේ කළාවට අපිට තියෙන උණ 
ඒ උණ බෝ කරගෙන අපිත් එක්ක සෙට් වෙයල්ලා 
සෙට් වෙලා නියම වැඩක් කරමු 
එහෙනං අපිට ජය 

- අනුවා @ සතුට සමරමින් 

Siththam Maya | Anu Perera. Powered by Blogger.