Ads Top

Smile Flowers


Smile Flowers
Siththam Maya | Anu Perera

එය සිනහවකි
නැත,
එය අවිහිංසක සිනහවකි 
කාගේද ?
මල් කෙල්ලකගේ 
නැත,
උත්සහවන්ත මල් කැකුලියකගේ 
නුඹට නොපෙනේද ඒ අරගලය ?
එය ඇගේ සිනහවෙන් වැසී ගොසිනි 
ඇයි ?
නුඹ අයුතු ප්‍රයෝජන ගනිවි යන බියෙන් 
අනුකම්පා නොකරන්න 
ආදර්ශයට ගන්න 
ඇය ජිවන අරගලයක මැද 
සටන් කරයි තම නැගණිය සමඟ 
කෝ ඒ නැගණිය ?
ඇය පොතත් පෑනත් තුරුළු කරගෙන 
එතකොට මැය ?
මල් කළඹක් තුරුළු කරගෙන 
ලස්සනටද ?
නැත, 
විකුණන්නට 
නුඹට, මට විකුණා කාසි කරගන්නට 
නුඹට හැකිද අහක බලන්නට ? 
ගන්න... ගන්න... මල්...
ඇය කියාවී 
දෙන්න... දෙන්න... ජිවය...
මම කියන්නම් 
ඇය වෙනුවෙන් 
ඇගේ නැගණිය වෙනුවෙන් 

-අනූ 

* චායාරූපය ලක්ෂ්මන් කුලතුංග මහතා විසිනි.
ඔහුගේ සංකල්පයකි *

Siththam Maya | Anu Perera. Powered by Blogger.