Ads Top

" Kiss Unlimited "



| අනූ පෙරේරා 

හෙළය එක්සේසත් කල ශ්‍රේෂ්ඨතම උදාරතම රජ 
නමින් ගැමුණු වනවිට 
ඒ උතුම් ජිවය දුන් වීර මාතාව 
නමින් විහාරමහා දේවියයි 
රුහුණු මායා පිහිටි තුන් දේශයටම 
අභිමානයක් එක් කරමින් 
ඇගේ ධෛර්යවන්ත සිත මුළු ලෝකයාට විතර්කයක් ගෙන දුනි 
ලක්දිව පිනටම පහළ වුනු ශ්‍රේෂ්ඨ කාන්තාවක් 
ඇය කල අමරණිය කැපකිරීමට අදටත් අපගේ කෘතගුණය 
වරක් දෙවරක් නොව සිය දහස් ගණනින් පුදන්නට 
හෙක්ටයාර ගණනින් පුදන්නට 
උත්තම විහාර මහා දේවිය සිහිකරමින් තැනවූ 
විහාරමහා දේවි උද්‍යානය  
කොළොම්තොට පෙම්වතුන්ගේ පාරාදීසය වෙනවිට 
එළිමහන දෙතොල් සිප ගැනීමට අතිශය ප්‍රමාණවත් වන විට 
විලි වසා ගන්නට සිතුනේ නුඹට නොව 
සටහන තියන මේ මටය 
තරුණ හැඟීම් තුල මා ද සිරවන වාර අනන්තයි 
නමුත් එහි පාලනයක පිහිටන්නට උත්සහ කරයි 
යුගලයෙන් යුගලයට නොපරදින ශෘංගාරත්වය 
ඉදිරියේ මම ලෞකික වශයෙන් පැරදුනෙමි 
නුඹ සියල්ලන්ගේම දෙමව්පියන් ගැන කලකිරුනෙමි 
නුඹලාගේ දෑස් තුල මා දුටුවේ එකිනෙකාට ඇති ආලය නොවේ 
දැඩිව දැවෙන රාගයයි, ගිණි ජාලා සේ ඇවිලෙන කාමයයි 
එහි රසයෙහි ස්පර්ශයෙහි සැප විඳින කතක් හා පුරුෂයෙක් 
ඒ අතරින් පතරින් පාසල් නිළ ඇඳුම් 
උද්‍යානයෙහි අසිරිය විඳින්නට සපැමිණි කුඩා ඩු දරුවන් 
හැබෑවටම උද්‍යානයේ අසිරිය විඳියි ද ?
ඔවුන් නෙත ගැටෙන ගැටෙන දේ අධ්‍යනය කරන්නෝ වන්නෙන් 
මතු පරපුරකින් යහපත් හැසිරීමක් බලාපොරොත්තු වන්නේ කෙසේද ?
මෙසේ මම අසීලාචාර ප්‍රේම පොළඟුන්ට සිතින් අපමණ දෝෂාරෝපණ එල්ල කරද්දීත් 
අපමණ දෙස් දෙවොල් තියද්දීත් 
ජාතකයේ සිට බැනුම් වරුසා ඉදිරිපත් කරද්දීත් 
නිශ්චල විහාරමහා දේවිය ඔවුන් දෙස සානුකම්පිතව බලා සිටියි 
පිටුපස හැරුණු අප මහා භාග්‍යවත් මුණින්ද්‍රයන් වහන්සේ 
උපේක්ෂාවෙන් කොලොම්පුරය දෙසම බලා සිටියි 
ධර්මයේ පහස හීන වන දේශයක මෙවන් දේ අරුම නොවේ 
මම මාවම සනසා ගතිමි 
නමුත් මට ඇති ගැටළුව 
මටත් දුවේ පුතේ කිව හැකි වයසක ප්‍රේමවන්තයන් කාමයෙන් මුසපත් වන අයුරු දකින 
බලධාරීන්ගේ ඇස් තවත් කුමට පෙනෙනවාද ?



Siththam Maya | Anu Perera. Powered by Blogger.