Ads Top

" අසම්මත පෙම "


| තිළින නදීශාන්    
පාවෙන මලක පෙති මා අත              තබාලා
හැඩවෙන නයන හෙමි හෙමිහිට     අත ගාලා

සැඟවුණු මලක මී අම රස              සොයාලා
තනිවී හඬමි ඔබේ අත සැමදා             පතාලා 
එක එක හැඩති මල් ලොව හැමතැන   ඇතිද
පෙති කැඩුනට ඒ මල මට ලස්සන       ඇයිද
හැඩවෙන හිතට පැන් ඉස්සෙ          ඔබමයිද
එනමුදු ලොවම ඔබ තැලුවේ          නිකමටද 
සුන්දර ලියකි ඔබ දුටු නෙත          ඔකඳ වන
යන එන දනන්ගේ නුවණත නීති   කරකවන
ඔය ගත සුව විඳින පරයන් ඇයි දැයි නොදැන
පොඩි කර දමා යන්නේ හදවත්           නයන 
නුවන් උපන් කඳුලින් නීති නිබඳ          වෙලී
නිහඬ කඳුළු හදවත කිතිකවයි               සැලි
සැලෙන නයන ගඟුලක රුව මවයි       වෙලී
සතුටද දුකද නෙතු කැළුමේ මගේ           මලී 
Siththam Maya | Anu Perera. Powered by Blogger.