Ads Top

" පින්වත් ගෞතමයන් "


 | අනූ පෙරේරා 

වේරන්ජනා නදීතිරය අද වියළුනායින් අද කොල්ලෝ කුරුට්ටෝ සෙල්ලම් කරන අතරේම වැසිකිලි කැසිකිලි කටයුතු සඳහාත් ඒ උතුම් නදී තීරය භාවිතා කරනවලු. දෙයියන්ට ඔප්පු වෙන්න ඒ කතාවේ හරුපේ මොකද්ද ? කලාන්තරක් තිස්සේ හිතත් සමග පොත් පත් සමග ඇතැම් යහළුවන් සමග තර්ක කල කරුණක් අසා දැනගන්නට සුදුසුම වෙලාවයි මේ .... 

"ස්වාමින් වහන්ස ඇයි බුදුන් වහන්සේ නමක් ඉන්දියාවම තෝරාගන්නේ ? ලංකාව වගේ පින්වන්ත දේශයක පහල නොවන්නේ ? "

" - ගංගාවකට නෞකාව ඉඩ මදි සේ බුදුවරයෙකුගේ මහා කරුණාව, අනන්ත වූ ගුණ දරන්නට සුදුසුම දේශය ඉන්දියාවයි. ලංකාවේ බිම් අඟල් ප්‍රමාණයට ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ නමකගේ ගුණ දරන්නට නොහැකියි. මහ පොළව කම්පා වනවිට එය දරාගන්නා එකම දේශය ඉන්දියාවයි. ඒවගේම තමයි පුතේ දෙව්ලොව සිට සුදුසුම කාලය, සුදුසුම දීපය, සුදුසුම දේශය, සුදුසුම කුලය, සුදුසුම මව යන පස්මහා බැළුම් බලාලයි උන්වහන්සේ පහල වෙන්නට තීරණය කරන්නේ........... "

ස්වාමින් වහන්සේ මගේ සිතේ තිබුන හැම ගැටළුවකට බොහොම ලස්සනට බොහොම පිළිවෙලට උත්තර බැන්දා. හරිම පිළිවෙලයි මේ ධර්මය. බෞද්ධයෙක් නොවන ඕනෑම කෙනෙක් ඇවිත් ප්‍රශ්න කරන්න. සමහර තැන් වල නුඹට සිතේවි අපේ බුදුන් වහන්සේ ඉන්ද්‍රජාලිකයෙක්ද කියා. එසේ නම් මිහිපිට පහල වුනු අති දක්ෂම ඉන්ද්‍රජාලිකයා ඔහුයි, මිහිපිට පහල වුනු අති දක්ෂම වෙද මහතා ඔහුයි, මිහිපිට පහල වුනු අති දක්ෂම මොළ කරුවා ඔහුයි, මිහිපිට පහල වුනු හොඳම ඉවසන්නා ඔහුයි, මිහිපිට පහල වුනු හොඳම කෙළෙහිගුණය දක්වන්නා ඔහුයි, මිහිපිට පහල වුනු දයාබරිතම මිනිසා ඔහුයි. ඔහුට මේ ලෝකයම යටයි. අදෘශ්‍ය අයෙකු නොවෙයි. ලේ මස් වලින් හැදුන මවකගේ කුසෙන් බිහිවුණු මිනිසෙක්. නුඹ මම දෙවොල් ගනනේ යන දෙවියන් පවා ඔහුට යටයි. කිසිම කෙනෙකු වෙනුවෙන් නොසැලෙන ස්වභාවධර්මයා ද යටයි. උන්වහන්සේගේ ඉපදුමට, සම්මා සම්බුද්ධත්වයට අසීමිත සතුට දරනු නොහැකිව නුඹ මම පය ගහන මේ මහ පොළව කම්පා වූවා. සම්බුද්ධ පරිනිර්වාණය දරනු නොහැකිව අසීමිතව දුකින් කම්පා වූවා. එහෙව් උදාර මිනිසෙක් ගෞතමයන්. නිෂ්ඵල ඔහුගේ පිළිමයට අදටත් නුඹ මම අත් එකතු කරන්නේ ඇයි ? ඒ භක්තිය සිත පුරා, හුස්ම ගන්නා හුස්මක් පාසා, ඇඟ පුරා දුවන ලේ අවුන්සයක් පාසා දිව යන්නේ ඇයි ? අදටත් බුද්ධ පූජාව කිසිම පන්සලක හුදු ඇතැම් නිවෙස් වල වරදින්නේ නැත්තේ ඇයි ? ආලෝකයෙන්ද, ශබ්දයෙන්ද, අහරින්ද, බීමෙන්ද අඩුවක් නැත්තේ ඇයි ? සාමාන්‍ය මිනිසෙකු වෙනුවෙන් නොවන පරිනිර්වාණයෙනුත් අවුරුදු 2558 ක් ගෙවෙන මිනිසෙක් වෙනුවෙන් මේ හැමදේම අඩුවක් නැතිව අදටත් වෙනවා. අදටත් ඒ උදාර මනුෂ්‍යයා වෙනුවෙන් ඇති මදි නොකියා නානා පින්කම් සිදුවෙනවා. ඇයි ඒ ? නුඹේ කාර්යබහුල ජීවිතෙන් බෞද්ධාගමට මේ විනාඩිය වෙන් කරලා හිතන්න. හොඳට හිතන්න...

සැප සම්පත් එමට තිබුන පින්වන්ත කුමාරයෙක් සිද්ධාර්ථ. සෘතුවෙන් සෘතුවට මාළිගා තිබුන අයෙක් මේ අවුරුදු  29 න් ලෝකේ කිසිම කෙනෙක් නොසොයා ගත් යතාර්ථය සොයා ගියේ. ආයේ එන්නට නොවෙයි. ඇඳිවත පමණයි අරන් ගියේ. අළුත ඉපදුන තමන්ගේ එකම පුතු රාහුලයන් පවා අත හැර ගියේ. නමුත් ඔහු සෙනෙහෙවන්ත පියෙක්. " රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වූවා " මෙය ඔහුගේ සිත තරමක් දුර්වල වුනු බවට ඇති ලකුණයි. නමුත් නෑ, නුඹේ මගේ සිත් මොනවද එතුමාගේ ධෛර්යය ඉදිරියේ. ඔහු ඔහුගේ මාර්ගයේ ගමන් ඇරඹුවා. කිසිම දෙයකට ඔහුව නවත්තන්නට හැකියාව තිබුනේ නෑ. රන් රිදී මුතු මැණික් ඔහුගේ ශක්තිමත් සිත ඉදිරියේ දිය වී. ඔහු වෙනුවෙන් පණ දෙන්නට මිනිසුන් පමණක් නොවේ තිරිසන් සතුන්ද වූවා. එහෙව් කෙනෙක් කන්ථක. ස්වාමි භක්තිය ඉහටත් උඩින් රැකු සිවුපාවෙක්. තිරිසන් හදකට එපමණ සෙනෙහෙ දක්වන්නට හැකි කල මිනිස් හදවත ගැසෙන අපි කෙසේ කල යුතුද? නමුත් ඔහු අණ කලේ නැත. ඔහු වෙනුවෙන් කිසිම දෙයක කරන්නට යැයි බැගෑපත් වුනේද නැත, අණ කලේද නැත. පින්වත් අපි අවුරුදු සිය දහස්ගණනින් රැක ගත් පුණ්‍ය කටයුතු අද වෙනවිටත් දශමෙන් දශමෙ උසස් වනවා විනා බාල වන්නේ නම් නැත. නමුත් පිනට ගරහන ඈයෝ එමටයි. 

කියන්නට කිසිම අඩුවක් නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පෙන්නුම්කල සැබෑ පිරිමියෙක්. ඒ පැත්තෙන් බලන්න, මේ පැත්තෙන් බලන්න නමුදු කිසිම දිනෙක කිසිම කලෙක නියපොත්තක ඇදයක් සොයාගන්නට බෑ. බුද්ධත්වය නිසාම නොවේ. සිද්ධාර්ථයන් කලදී පවා අංග සම්පුර්ණ අයෙකු ඔහු. දේහ ලකුණෙන් ඔහුට සම වන්නට දෙවියන් පවා නොසිටි කල ගුණයෙන් කෙසේ ලංවන්නද ? 

No comments:

Siththam Maya | Anu Perera. Powered by Blogger.