Ads Top

" පූජා - ආලෝකෝ උදපාදී II "



 | අනූ පෙරේරා 

" පූජා ", කරන්න තීරණය වුනු දවසේ ඉඳන් මේ අපි සමාජයෙන් අහන ප්‍රශ්න කන්දාරාවඇතැම් විට අපේම ගෙවල් වලින්, අපේ කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගෙන් අහපු ප්‍රශ්න මගෙන් මේ ප්‍රශ්න අහද්දී එකිනෙක බොහොම පිළිවෙලට මම උත්තර බැන්දා වගේම අළුතෙන් එකතු වුනු ප්‍රශ්න වලටත් එක්කම තවමත් උත්තර දෙමින් පවතිනවාකමක් නෑ ගැටළුවක් තියෙනවා නම් අසා දැන ගන්නවට මම කැමතියි තැන තැන කියවනවට වඩා ඒක මනුස්සයට කරන ලොකු උදව්වක්.

01. ඇයි ආලෝක පූජාවක් කරන්නේ ? කවුරු උදෙසාද ?
    - මේ විශ්වයම මායාවෙන් අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ කියලා හිතලා අඳුර නැති කරන්න ආලෝකයෙන් ශක්තියක් වෙන්න. මේ දේ සිදු කරන්නේ මිහිපිට බිහිවුණු ශ්‍රේෂ්ඨම මානවයා වෙනුවෙන්. ඔබගේ මගේ බුදු පියාණන් වෙනුවෙන්.
තව දුරටත් ඔබ මගෙන් ඇසුවොත් ඇයි උන්වහන්සේ වෙනුවෙන්ම මේ දේ කරන්නේ කියලා මගේ නෙත් වල කඳුළු පිරේවි. නොඅසන්න පැනය ඔබ මම වෙනුවෙන් අවුරුදු සයක දුෂ්කර ක්‍රියා කල එතුමන්ගේ දියවුණු ශරීරය මතක් කරගන්නචතුරංග සත්‍යය මැදුම් පිළිවෙතින් අවබෝධ කරගත්තා ඇත්තයි නමුත් එතනට මාර්ගය ලෙහෙසි වූ එකක් නොවෙයිශරීරයට අන්ත දුක් දෙමින් ශරීරයට අන්ත සැප දෙමින් ඔහු සෙව්වේ ඔහුගේ විමුක්තිය නෙවෙයි හුස්ම අයිතිවාසිකම් කියන හැමකෙනාගේම විමුක්තියයි ඔබේ ආගම කුලය ජාතිය කුමක් වුවත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ වුනේ අප වෙනුවෙනුයි අපි වෙනුවෙන් එහෙව් කැපකිරීමක් කල උදාර මානවයා වෙනුවෙන් මැදින් පෝයට පහන් පනස් දහසක් දල්වා කරන්නේ අල්ප මාත්‍රයක කෘතගුණ දැක්වීමක් නේද ?

බොරු වැඩක් නෙවෙයි ඔය ?
  - කොහොමද කටට හයිය ආවේ මේ කරන්නේ බොරු වැඩක් කියන්න? අපේ අඳුරුතුමන් වෙනුවෙන් මේ කරන්නේ අබ ඇටයක තරම් කෙලෙහිගුණය තැබීමක් නොවේද ?

ඊට වඩා හොඳ නැත්ද නැති බැරි මනුස්සයෙකුට උදව් කලොත් ?
  - ඔව් ගොඩක් හොඳයි එත් අපේ පටන් ගැන්ම වෙන්න ඕනි ආගමික දෙයකින්. කෙලෙස් ප්‍රහාණය කල තැනැත්තෙක් වෙනුවෙන්. කෙලෙස් සහිත පෘතග්ජනයෙක් අභියස අසම සම වෙන ලොව්තුරා සම්මා සම්බුද්ධ වෙනුවෙන් . හා එහෙම නෙවෙයිද ?

එහෙමත් නැත්තම් දුෂ්කර ගමක ආලෝකය නැති පන්සලක ඔය දේ සිදු කලොත් ඔයිට වඩා පිං ලැබෙයිනෙ ?
  - පන්සල දුෂ්කරද නැත්ද කියන තර්කයට වඩා විශ්වයම අඳුරක් කියන තර්කයේ ඉඳලයි වට්ටාරම අරහන්ත මලියදේව රජමහ විහාරයේ මේ ලොකු පිංකම සිද්ධ වෙන්නේ. අනික මේ පින නිසා අසවල් දේ මට ලැබේවි. අසවල් දිව්‍ය ලෝක වල මම යාවි යන සිතුවිල්ලෙන් කලොත් මා සතුව පුහු ආත්මාභිමානයක් පමණක් ඉතුරු වේවි. පින ඉතුරු නොවේවි. කිසිම වාසියක සේයාවක් නැතුව මේ දේ කරලා සතුටු වෙන්නයි මගේ කණ්ඩායමට ඕනි. ඒක තාර්කික නැත්ද ?

ඇයි ප්‍රසිද්ධ පන්සලක් තෝරාගත්තේ ? ඔයාලටත් ප්‍රසිද්ධ වෙන්න නේද ?
  - ප්‍රසිද්ධිය ? ඇයි වට්ටාරම පන්සල ප්‍රසිද්ධ කියලා මම ඇහුවොත් ? රජමහ විහාරයක්නේ. හරි ඊට අමතරවමලියදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු පන්සල. වෙන විශේෂ? ටික තමයි. ඔය ටික විතරක් නෙවෙයි තවත් තියෙනවා. දෙතිස් ඵල රුක බෝධීන් වහන්සේ නමක් වැඩම සිටිනවා. අනුහස් උපරිමයෙන් පිරි ස්ථානයක්. ඇයි මහරතන් වහන්සේ නමක් වැඩම කල ස්ථානයක්. තුන්තරා බෝධියෙන් එක් බෝධියක්. ඉතින් අපි එතැන තෝරාගත්තා. තව දුරටත් ඔබට අසන්නට සිතේවි ඇයි බුදුන් වහන්සේ වැඩි දේශයක නොතියන්නේ කියලා. මහියංගනය, නාගදීපය තෝරාගෙන කරන්නට අපහසුයි. ශ්‍රද්ධාව තිබුන පමණින් කැළණිය පන්සලට අපි ගිහින් අවසරය ඉල්ලුම් කලාම පන්සලේ ඉඩ පිලිබඳ ගැටළුවක් මතු වුනා. පහන් 1000 කට ඉඩ දිය හැකි බවත් අපේ නොවැටෙන ධෛර්යය හමුවේ පහන් 1000ක් කියන්නේ අපේ සමස්ත මහන්සියෙන් 1/50 ක්. කැළණිය පන්සලේ වැඩෙත් අපි කරන්න පුළුවන් වේවි. හැබැයි අපි දශමෙකින්වත් අපේ සිතුවිල්ල පොඩි කරගන්න කැමති නැති හිතුවක්කාරයෝ ටිකක්. තවත් දිවයිනේ අනුසස් උපරිමයෙන් පිරි ස්ථාන කරා අපි ගියා. මේ හැමතැනකිනම අපිට ඉඩ ප්‍රශ්නයි පුරා විද්‍යා ගැටළුයි ආවා. වට්ටාරම මතක් වුනේ දැන් මොකද කරන්නේ කියලා දෙලොව රත් වෙලා ඉන්න වෙලාවක. විහාරාධිපති සමිත ස්වාමින් වහන්සේ එදා ඉල්ලුව සැණින් අවසර දුන්නේ මේ පන්සල් තියෙන්නේ ඔය වගේ පින්වන්තයන්ට පිං දහම් සිදු කරගන්නයි කියලමයි. වෙන කිසිඳු තැනකින් නොතිබුණු වචන සහයෝගය අපිට දැනුන නිසා අද වෙනකම් හැම කට්ටක් කාගෙනම මේ වෙනුවෙන්ම කැප වෙන්න ශක්තිය ලැබුනා. අනික Juniors Foundation කියන්නේ මේ අහන මේ කියවන ඔයාගෙත් දෙයක්. මගේ කියලා දෙයක් මෙතන නෑ. මේක අපේ දෙයක්. ඔයාලගේ වැදගත් වටිනා කාලයෙන් විනාඩි ගණනක් වෙන් කරගන්න විතරයි තියෙන්නේ. එතකොට ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ලස්සන කරගන්න අපිට පුළුවන්. මොනවා උනත් ප්‍රසිද්ධිය ගැන බලාපොරොත්තු තියන්න බෑ. ගතානුගතික දේවල් එක්ක ප්‍රසිද්ධිය කියන්නෙත් වෙනස් වෙන දෙයක් නේ. නිසා වෙනස් නොවන දෙයකට හිත දමනය කරගන්න පුළුවන්නම් හොඳයි නේද? හරියට නිර්වාණයට දොරගුළු විවර කරගන්නට උත්සහ කිරීමක් වගේ?

තමන්ට කියලා ජොබ් එකක් කරලා එපැයි පිං කරගන්න ?
  - එහෙම උනොත් පිනක් දහමක් කරගන්න ජොබ් එකක් කරනකන්ම ඉන්න එපැයි ? අතේ සල්ලි නැතුව ඕනේ තරම් මිනිස්සු පිං කරගන්නවා. ලේ දන් දෙන්න, සතුට දන් දෙන්න පුළුවන්

පහන් පනහක් (50) පත්තු කලත් පනස් දහසක් (50 000) පත්තු කලත් ලැබෙන්නේ එකම පින ළමයෝ
  - වෙන්න ඇති. හැබැයි ලබන චාඝානුස්සතිය වෙනස්. පහන් 50 ක් නම් ඕනෙම පන්සලක දැල්වේවි. මිනිස්සු තම තමන්ගේ පහන් වල ආලෝකයෙන් සුළු සතුටක් ලබාවි ඇතැම් විට නොලබාවී. නමුත් පහන් 50 000 කට අධික ආලෝකයක් තැනින් තැන මේ මහා පොලවේ දකින දකින වාරයක් පාසා දුටුවන් සිත් තුල ඇතිවන ප්‍රීතිය බුදුන් වහන්සේ උදෙසාම පූජා වෙනවා. සතුටෙන් ලබන පින මහත් ඵල මහානිශංසයි. මතකයට නගින වාරයක් පාසා මොහොතකට හෝ සිත කෙලෙස් රහිත සතුටට පත්වේවි. මලියදේව විහාරය පහු කරන වාරයක් පාසා ඔවුනොවුන් කරගත් පින් මතක් කරමින් සතුටු වේවි. පහන් 50 කට චාඝානුස්සතිය වඩන්නට අපිට හරිම අමාරුයි.මොකද අපි පෘතග්ජනයෝ නිසා. එහෙම නෙවෙයිද ?

උඹලා පොඩි උන්ට මෙච්චර ලොකු දෙයක් කරන්න බෑ. ඇඟිල්ලේ තරමට ඉදිමියන් ?
  - ඇඟේ හයියට නෙවෙයි හිතේ හයියටයි අද වෙනකම් හැමදේම කලේ. අපේ කණ්ඩායමේ පණ කඳක් ඇති එකෙක්වත් නෑ. ඒත් උන් හරි හරියට වැඩ. හිතා ගන්න බෑ. පිං කරන්න කැමති නැති කාලකණ්නි අහු වෙනකොට උන්ගේ පව වඩ වඩාත් බලවත් කරමින් අපි ඈත පැති වලින් ආධාර හෙව්වා සහ තවත් හොයනවා. කරටි කැඩෙනකම් තෙල් ලීටර් ගණන් උස්සගෙන කිලෝ මීටර් ගණන් පයින් ඇවිදිනවා. තරහත් එනවා. හැබැයි පොඩි ආතල් එකකුත් තියෙනවා. මොකද ඒ හැඟීම පස්සේ පස්සෙත් මතක් කර කර කට්ටිය එක්ක හිනා වේවි කියවලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි මම ඔයාගෙන් අහන්නේ facebook එකේ ලතැවෙන, facebook එකේ පිං කරගන්න , facebook එකෙන්ම අනුන්ට පිහිට වෙන්න හදන ඔයාට ඇත්ත ජිවිතේ මේ වගේ දෙයක් කරන්න තියා සම්මාදම් වෙලා වත් පිනක් කරගන්න හයියක් තියෙනවද? අපේ ඇඟිල්ලයි තරමයි ගැන හිතන වෙලාවේ මහජන බැංකුවේ අපේ account එකට කීයක් හරි දාලා මේ ආලෝක පූජාවට සම්මාදම් වෙන්නකෝ. ඔයාට බෑ. මොකද ඔයාගේ පව බලවත්. උපදින ආත්මයක් ආත්මයක් පාසා ඔයාට පිං කරන්න ඔයාගේ හිත ඉඩ නොදෙන නිසා. පුළුවන්නම් පව් රිවස් කරගන්න උත්සහ කරන්න. පුළුවන්ද ?

මිනිස්සු උදව් නොකලොත් ?
 - එහෙනම් මටත් එකම අනිත් පැත්තට අහන්න පුළුවන්. මිනිස්සු උදව් කලොත් ?

පහන් බිම තියන එක නොසුදුසුයි.මොකද අපි බුදු හාමුදුරුවන් වෙනුවෙන්නේ මේ දේ කරන්නේ නේද ?
 - වෙන්න පුළුවන්. හැබැයි අපි හිත බිම තියාගෙන නෑ. අපි අපිට ඕනෑ හැටියට නෙවෙයි වෙන්න ඕනි පිළිවෙත හොඳට හොයලා බලලයි මේ දේ කරන්නේ. අඩු පාඩු තියේවි. නමුත් හැමදේම පරිපූර්ණව කරන්න උපරිම උත්සහ කරනවා. බිම එහෙම නැත්තම් මේ මහා පොළව කියන්නේ නරක තැනක් නම් බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ අහස උඩදී. නෑ එහෙම උනේ නෑ. උන්වහන්සේ මේ මහපොළව උන්වහන්සේගේ සම්බුද්ධත්වයට සාක්ෂි කරුවෙකු කළා. පොළවට වැන්දත් පව් නෑ නේද එහෙනම් ?

ඕකේ සම්පූර්ණ වියදම කීයද ?
  - ඇස්තමේන්තුව ලක්ෂ 6යි. ඇයි ඇස් උඩ ගියේ. මම කිව්වේ ඇස්තමේන්තුව. හැමදේම සල්ලි වලට කලොත් ඔය කියන වියදම අපිට දරන්න වෙනවා. ඒකයි හැමෝගෙන්ම බැගෑපත් වෙලා උදව් ඉල්ලන්නේ. සල්ලි වලින්ම නෙවෙයි සම්පත් දායකත්වයෙන්. තෙල් වලටම ලක්ෂ 2කට වැඩිය යනවා. බලන්නකෝ ගණන් හිලව් එහෙම හදලා. හැමදේම අංග සම්පූර්ණ වෙන්න මුදලින් අපිට අගය තියන්නේ ඔහොමයි. තෙල්, පහන්, පහන් තිර, ශබ්ද විකාශන, ශ්‍රමයෙන් උදව් කරන අයට කෑම බීම, ප්‍රවාහන කුලී තව එකී මෙකි නොකී වියදම් බොහොමයක්  budget plan එකේ ලැයිස්තුගත වෙලා තියෙනවා. ගාන ලොකුද පොඩිද බල බල පිං කරන්න බෑනේ. එහෙම උනොත් අපේ පැරැන්නෝ කියපු සමහර දේවල් කට කහනවට කියපු කතා වෙනවානේ.

ප්‍රශ්න නම් ඕනෙවටත් වඩා තව තිබුනා. ඉස්සරහටත් ඒවි. අපි බලමු. තව ප්‍රශ්න තියෙනවනම් අහන්න ඕනෑ හරිය.
එහෙනම් කස්ටිය මාර්තු පෝයට (05) සැට් වෙන්ඩලාකෝ වට්ටාරම පන්සලට.



Siththam Maya | Anu Perera. Powered by Blogger.