Ads Top

"ඩිස්කෝ ඩාන්ස් "

 | අනූ පෙරේරා 

අම්මේ නුඹට කන්න දෙන්න ඇය නටාවි                          සිදාදියේ 
සල්ලාලයෝ වට කරගෙන ඇය නටාවි                             සිදාදියේ 
කසිප්පු පොට් අරක්කු හල් එහෙම නෙවෙයි                      සිදාදියේ 
බ්‍රැන්ඩි විස්කි වොඩ්කා එහෙම වැදගම්මට                         සිදාදියේ 

කන පැලෙන්න එහෙම ගහලා උන් නාටාවී            ඩිස්කෝ ඩාන්ස් 
ඒ අතරෙන් හුරතලේට ඈත් නටයි                         ඩිස්කෝ ඩාන්ස් 
දුහුල් ඇඳුම මිල කරවයි ඈ නටනා                         ඩිස්කෝ ඩාන්ස් 
පොර කන්නේ ඈ ට නේද නටමින් අර                   ඩිස්කෝ ඩාන්ස් 

පොළව කොහොම උහුලනවද බිබී නටන උන්ගේ             සොමිය 
සල්ලි කොහෙද මල්ලි වෙන්නේ කුඩු වෙනවා අන්න         සොමිය 
ලයිෆ් එකේ ෂෝට් ගතිය නැතිවෙනවනේ ගන්න                සොමිය 
කාලේ හොඳයි තාලේ හොඳයි මේක නේද උන්ගේ            සොමිය 

නටපන් තව නටපන් ආ උඹේ නැටුමට කාසි                   කෙල්ලේ 
හිටපන් තව හිටපන් මට උඹ නැතුවම බෑනේ                  කෙල්ලේ 
අද මැරෙයිද හෙට මැරෙයිද මම දන්නෑ මගේ                  කෙල්ලේ 
වයසක මට සලකාපන් උඹේ සීයා වගේ                         කෙල්ලේ 

රුපියල් දාහක් දෙනවලු එක රැයකට                               නැටුවාම  
කොමිස් එහෙම තියෙනවාලු අතිරේකව                          නැටුවාම 
අඩිය එහෙට අඩිය මෙහෙට තිය තිය අනේ                      නැටුවාම 
මාසෙට තිස්දහක් නේද මහන්සි වී                                   නැටුවාම 

ගමෙන් ආපු කෙල්ලෝ නේද අයිටම් වි අද                       ඉන්නේ 
හිතේ එකක් මුහුණේ එකක් මොකද දුකින් නුඹ                 ඉන්නේ 
පඩිය එහෙම ලැබෙන නිසා සතුටු නැතිද මේ                    ඉන්නේ 
අම්මගේ කුස නිවන්නදැයි සමාජහල් සෙවණේ                ඉන්නේ 

දාර්ශනේ හිතට අරන් නුඹේ චරිතේ කැතයි                         කියයි 
නුඹ අයිති ඇති බව උන් දන්නෑ උන් මෙසේ                        කියයි 
නාටිකාව වෙනු මිස නුඹ කවුරු වෙන්න නුඹම                    කියයි 
දාර්ශනේ බල්ලට දී රෑ යාමෙට නටමු                                  කියයි 

උඹේ සිතට හයිය ඇත්ද නරකාදීන් හා                            නටන්න 
ගල් හදවත මෘදු නොවේද දුදනුන් කර මත                       නටන්න 
මව් සෙනෙහට ඊට යටයි සිත සතුටින් නුඹ                      නටන්න 
වේස කෙල්ල හොඳම දුවයි සමාජයක් හා                        නටන්න 

Siththam Maya | Anu Perera. Powered by Blogger.