Ads Top

" I Donate BlooD 2 "


| අනූ පෙරේරා

මේ අවුරුද්දේ ( 2014 ) අප්‍රේල් මාසයේ 14 වැනිදා එක ළමයෙක් හෙනම කට්ටක් කාලා ලේ දුන්නා. ඇගේ කෝඩුකාර අත්දැකීම එදා. කලන්තේ දාලා ගෙදර ආවම උණත් ගත්තා. දැන් මාස 5ක් වුනා. අද පොල්ගහවෙල මහමෙව්නා අසපුවේදී තමන්ගේ දෙවැනි ලේ දන් දීමේ අත්දැකීමත් ගත්තා. ලේ ගන්න ආපු කෙනෙක්ගේ මතකෙක තරම කියන්නේ ඒ මහත්තයා නොක්කාඩුවකුත් කියාගෙන බර දෙපාරක්ම චෙක් කළාලු ඒ ළමයාගේ. නිළ නොලත් අන්දමින් මේ ළමයා අද තුන් හතර වතාවක්ම කලන්තේ දැම්මා මොකද ගිණි මද්දහනෙනේ ලේ දුන්නේ. මම මේ ළමයාගේ හිතෙන් අහල බැලුවා ඔයා ශක්තිමත්ද කියලා. සැකයක් තියාගන්න එපා මැරෙන තුරාවට සිය දහස් වාරයක් කලන්තේ දැම්මත් වැඩේ නම් අත අරින එකක් නෑ. කවුද මේ ළමයා ? වෙන කවුරුත් නෙවෙයි ඔයාලා අඳුරන අනූ, මේ බ්ලොග් එක ලියන මම.

      ඔව් මම මාව රෙකමදාරු කරනවා. මගේ හිත හයියයි. දරාගැනීමේ ශක්තිය ශුන්‍ය වන්නේද කලාතුරකිනි. ඔබට පුළුවනි මගේ දරාගැනීම උරගා බලන්නට හැබැයි ටිකක් වෙලා යාවි. මොකද මම සොඳුරු සිතැත්තෙක් නිසා. උරගා බැලීම කරන වෙලාවේ තමන්ගේ හිත හයිය කරගන්න උත්සහ කිරීම නුවණට හුරුයි. මමයි මගේ සහෝදරයෝ හතර දෙනයි මේ නිහඬ අරගලය කරනවා. ඒක ස්ථිරයි. 

මම, නෑ අපි කරන මේ අරගලයට නුඹ සිනාසෙනවා ඇති. කම් නැත. නුඹ සාධාරණයි මක් නිසාද ලොව හොඳ කරන පුද්ගලයන්ට බැනුම් එමටයි, විවේචනද එමටයි, සැලුනොත් අපි එතනමයි. කෙලින් කතා කරගන්නවත් පණ නැති නුඹට අපිට හිනා වෙන්ට තියා අපේ පැත්තවත් බලන්නට අයිතියක් නොමැත. එහෙව් ලැජ්ජාවක් නොමැති නම් නුඹේ විවේචන කරගෙන යන්ට. ගල් මුල් ගසන්ට, හැබැයි ජිවිතයේ කෙදිනක හෝ නුඹට අපේ සරණ අවශ්‍ය වන බව මතක තබාගන්ට. එය සිහියේ පිහිටුවාගෙන කරනා දෙයක් කරන්ට. දිනෙක නුඹ අසාවි ගිරිය කඩාගෙන කැගැහුවට මොනවද තොපි කලේ කියලා ? එදාට අපි කියන්නම් මොනවද අපි කලේ කියලා. හිතන්න එපා හෝන් ගැහුවට වැඩ නෑ කියලා. මොකද සමහරු හෝන් ගහලා හෝන් ගහලා වැඩ පටන් අරගෙන අන්තිම වෙනකොට ගහපු හෝන් එකත් නෑනේ. 
විශ්වාස කරනවානම් විශ්වාස කරන්න නැත්තම් ඒත් විශ්වාස කරන්න අපි ලඟ නම් ඔය වැඩ නෑ. දැන් කවුද මේ අපි ? 
    අපි, 
- සොඳුරු සිතැත්තෝ -

** මහමෙව්නා අසපු ලේ දන් දීමේ පිංකමේ චායා රූප  මෙතනින්
Siththam Maya | Anu Perera. Powered by Blogger.