Ads Top

" අනු*නිකී "


| අනූ පෙරේරා

28 batch එකේ හිටපු නාහෙට අහපු නැති එවුන් දෙන්නෙක් 
මුන් දෙන්නා මුලින් හෙන ඇඩ් එකෙන් හිටියේ 
දෙන්නට දෙන්නා හෙන රෙස්පෙට් 
ඉස්සරහම පේලියේ හිටියේ 
ලෙක්චර් හෝල් එකටම හිටියේ කෙල්ලෝ තුනයි 
අනුයි නිකියි මෙලීශයි 
"Awesome" කියලා කණ්ඩායමක 
මුන් තුන්දෙනා හිටියේ තව තුන්දෙනෙක් හිටියා 
රුවියයි තවිශයයි අන්ජුවයි 
Code Breakers ලා තමයි හැමදාම එක 
Awesome තමයි හැමදාම අන්තිම 
හම්මේ මතක් කරන්ඩ එපැයි ඒ කාලේ 
Code Breakers ලා, Java Force ලා 
SlinGo ලා බෙරිහන් දීලා cheer කරනකොට 
Awesome ලා අපිට නෙවෙයි වගේ හිටියා 
අනේ වාසනාවන් 
හරි කොහොමින් කොහොමින් හරි 
අනු නිකි ඩබල හෙන ෆිට් උනා 
දන්නවද මුන් දෙන්නා එකෙකුට එකෙක් නැතුව බැරි උනා 
Branch එකේ ජනප්‍රියම යාළුවෝ දෙන්නා කිව්වොත් 
මම හරි මම හිතන්නේ 
අක්කා නගෝ දෙන්නා කරපු විනාසයක් 
උන් දෙන්නා තනි තනියෙන් හිටපු වෙලාවක් 
මම නම් දැකලා තිබ්බේ නෑ 
වලි එහෙමත් තිබ්බා හැබැයි ඉතිං විනාඩියයි දෙකයි 
ඔතන බාල එකා වුනු අනුට ඉක්මන් තරහ තිබුනා 
වැඩිමහල් එකා වුනු නිකී අනේ උඹ තරහ ගත්තට 
මගේ ඇඟේ වදිනවායැ කියලා හිටියා 
මේ යාළු කම් වැඩිවෙන්න වැඩිවෙන්න කරදරේ වුනේ සර්ලාටමයි 
' අනු... නිකි...  කටවල් වහගන්නවා '
මේ අවවාද හරියට repeat වුනා අපේ පංති ඇතුලේ 
repeat වෙලා repeat වෙලා re-repeat වෙනකොට 
කටින් කියන ඒවා කොළ කෑලි වල ලිය ලිය හිනා වෙනවා 
සමහර වෙලාවල් වල අඩු ගානේ ලියන්න වත් අවස්තාවක් නැත්තම් 
මුන් දෙන්නව දැන් පුපුරයි දැන් පුපුරයි වගේ 
අන්න ඒ නිසයි 
' එනවකො වතුර ටිකක් පුරවාගෙන එන්න ' කියලා ගිහිං 
දිව අග තිබුන කේලම එක හුස්මට කියලා 
ආයෙමත් පංතියට ඇතුල් වෙන්නේ 
සෑම්, තරූ, ලොකු තරූ, එහෙමත් මතක් කරන්ට ඕනෑ  
අනුගේ නිකීගේ එක දුර්වලතාවයක් අද මට පේනවා 
ඒ දෙන්නටම ඒ ගැන දැනුම් තේරුම් ඇති අද වෙනකොට 
ඒ ඇරෙන්න මුන් දෙන්නා හෙන හොඳයි ඉතිං 
කොච්චර ප්‍රශ්න ආවත් 
අදටත් මගේ නංගියා කියලා ලොස් නැතුව කතා කරන අක්කියෙක් 
අනුට ඉන්නවා 
ඒ වගේම ඊට දෙවැනි නැතිව මගේ අක්කියා කියලා කතා කරන නංගියෙක් නිකිට ඉන්නවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.