Ads Top

" කමින් සූන් "

- ලඟ එන ශිෂ්‍යත්ව විභාගය නුඹ නුඹව ආරූඩ කරගෙන ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා -


දොඩම් ගෙඩි දෙකක උස නෑ 
උඹටත් වඩා උසට පොත් කන්ද 
උපාධිය අවසන් වසර මෙන් 
කිඹුහුමටත් දැනුම විසික්වෙන 
හොඳට හිටි උඹට මක් වෙලාද ?
බෝතල් අඩි දෙහෙකුත් දාගෙන 
පොත පැන්සල අතටම අලවාගෙන 
පේපර් කට්ටල බෙල්ලේ එල්ලාගෙන 
කන්නෙත් දැන් පොත බදාගෙන 
දැනුම කනවද ? කවනවද ?
හා.. හා.. හෙමින් හෙමින්, දැනුම හිරවෙයි
උඹටත් හොරෙන් ගෙවෙන උඹේ ළමා ජිවිතේ 
කාලකන්ණි කරන්නේ කව්රුද ?
උඹට උවමනාවක් නැති 
උඹේ දෙමව්පියන්ටම උවමනාවක් ඇති 
' ශිෂ්‍යත්වය '
විටෙක හොඳය විටෙක නරකය 
පහේ මොළේට දරන්න පුළුවන් 
නමුත් උඹ උවමනාවටත් වඩා පරිණත වෙලා 
පුතේ උන් උඹේ සමස්ථ අනාගතයම මින් තීරණය කරනවාද ?
එහෙනම් උන්ට පිස්සු 
විශ්වවිද්‍යාල අයදුම්පත්‍රයෙවත් 
ශිෂ්‍යත්ව ලකුණු නොඅසයි 
ඔව් පුතේ මේක උඹේ විභාගයක් නෙවෙයි 
දෙමව්පියෝ පැය දෙකකට තුනකට 
උඹේ ඇඟට ආරූඩ වෙලා ලියන විභාගයක් 
පේපර් උඩ උඹ නටන්නේ අනුන්ගේ පදේට 
උඹේ දෙමව්පියන්ට තේරෙන්නේ නැති කොට 
පුංචි පුතේ උඹට කොහෙත්ම තේරෙන්නේ නෑ 
රට අල්ලන්න නෙවෙයි 
මේ හදන්නේ උඹව පුරුදු කරවන්න 
උඹව ලොකු විභාග වලදී මුහුණ දෙන්න 
කරන පෙරහුරුවක් 
පාඩම් කරන්න එපා කියන්නේ නෑ 
හැබැයි මුලිකත්වය දෙන්න ඔයාගේ ගතිගුණ වලට 
මුහුකුරා යන්න සාරධර්ම වලින් 
අධිෂ්ඨාන කරගන්න, මහන්සි වෙන්න 
ඒ අස්සේ සෙල්ලම් කරන්නත් වෙලාව දාගන්න 
ඇඳුම් දාඩියට තෙත් වෙනකම් සෙල්ලම් කරන්න 
ඔයා වැටේවි, තුවාල වේවි, 
දණහිස් පතුරු යනකම් වැටුනත් 
කමක් නෑ ඕවා සුළු දේවල්  වේවි දවසක 
ඇඟ පුරා තියෙන හැම කැළලකින්ම 
මිහිරි මතක ඉතුරු වේවි 
දිනෙක ඒ මතකයවත් අඩුගානේ උඹට ඉතුරු වේවි 
ළමා කාලේට නැවත යන්න 

~ අනු පෙරේරා ~ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.