Ads Top

" එන්න "


 | අනූ පෙරේරා 

ඔව් අපිට සර්ව සම්පුර්ණ වෙන්න බෑ
හැමවෙලාවෙම ඒක හේතුවක් කරගන්නත් බෑ
අපේ වැරදි වලට කාටවත් ඇඟිල්ලක් දික් කරන්නත් බෑ
ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න අපේ ජිවිතේ සීමා කරලා
ප්‍රශ්න වලට ඕනේ විදියට අපි නටලා බෑනේ
ඉතිං එන්නඔයාව කොටු කරන ප්‍රශ්න
 සීමාවේම තියලා එන්න
දෑත් දිග හැර මේ නිදහස විඳින්න
සුළං වලට පෙනහළු කඩාගෙන යන්න දෙන්න
ප්‍රශ්න පිරුණ ඔළුව පුළුවන්නම්
ගලවලා පැත්තකින් තියන්න
මොහොතකට
ලෝකේ ඉන්න නිදහසම මිනිසා ඔබ යැයි සිතන්න
හැම බැඳීමක්ම හිතෙන් අයින් කරලා දාන්න
අපි මොන තරම් තනි වෙනවද සමහර අවස්ථා වල
මොන තරම් අසරණ වෙනවද
ඔබ ඔබම වෙන්න
තනි ගතියට, අසරණ ගතියට
බොහොම කරුණාවන්ත සිනහාවකින්
සංග්‍රහා කරන්න
ඔබටම තුරුල් වෙලා ඉන්න ඔය
අසරණ හිතට දිනෙක ඔබ ගැනම දුක සිතේවි
යන්නට යාවී ඔබට දුකවත් ඉතුරු නොකර
ප්‍රශ්න අපේ ජිවිත අයිති කරගන්නකම්
නුඹ නිහඬව බලා සිටියි
වැටෙන්නට ඉඩ දී
නුඹම ලොවට ශාප කරාවි
මේ මොන මඟුලක්ද කියා
මඟුල වෙනකම් අපිමයි මුනිවත රැක්කේ
ඔව් මොනවා හරි කියන්න
මේ නිහඬ බව බිඳින්න
මේ ඔයාගේ මොහොත
ඉඩ දෙන්න එපා වෙනකෙකුට උදුරා ගන්නට
එන්න අළුත් යහපත් දෙයක් කරන්න
මේ සමාජය හදන්න
මේ තරුණ ජවයට බැරි උනොත්
මේ කපේ හදනවා බොරු
බැරි වෙන්නේ නෑ
ඔයාගේ ඇඟේත් දුවන්නේ ' සිංහ + ලේ ' නේද ?

Siththam Maya | Anu Perera. Powered by Blogger.