" අවසන් ගමන් ගිය රැජිණ , දැයට කිරුළ "
"
රජරට රැජිණ " දුම්රිය හා ආධුනික " දැයට කිරුළ " දුම්රිය මෙන්ම තවත්
කෝටි ගණනක දේපල අහිමි විය. අසාධ්‍ය තුවාල කරුවන් වූ බවට ආරංචි මාර්ග තිබුනත් මිය
යාම් සම්බන්ධව කිසිඳු තොරතුරක් නැත. "දැයට කිරුළේ ඩ්‍රයිවර් මහත්තුරු බේරුවා
නම් ඉතිං දෙයියොම තමා " අනතුර බලන්නට ආ අයෙක් පවසනු
ඇසුනි. නිසැකවම එය කම්පා සහගත අනතුරකි. කෙසේ වෙතත් මාගේ හැඟීම වූයේ සීමිත දුම්රිය
කට්ටල අතුරින් මිත්තණියක් ( රජරට රැජිණ ) හා මුණුපුරෙක් ( දැයට කිරුළ ) අහිමිව ගිය
බවයි.
| Anu Perera


Comment with Facebook