Ads Top

" ගව කුණ "

" කම්පා සහගත අසාධාරණ මරණයක් !!! "
මීට පැය කිහිපයකට පෙර ඇය 
තම නූපන් බිලිඳා වෙනුවෙන් හුස්ම යදින්නට ඇති. 
නමුත් ඇය අසාර්ථක වන්නට ඇති. 
එය මා අනුමාන කලේ මීට පැය කිහිපයකට පෙර 
ඇගේ දෙනෙතෙන් වැගිරී ඇති වියළුණු කදුළු දහරා දුටු හෙයිනි.
ඒ වන විටත් ගැබ් ගෙන සිටි ඇය 
තම දරු ප්‍රසූතිය ඔන්න මෙන්න තිබියදී 
යම් හේතුවක් මත අසාර්ථක වී ඇත. 
ඇගේ බිලිඳා පෙනෙන නොපෙනෙන මායිමේදී 
මව් හා අවසන් ගමන් යන්නට ඇති. 
හුදෙක් ඒ ඔවුන්ගේ ඉරණම ම නොවෙයි.
හාම්පුතුගේ නොඅවධානය, නොසැලකිල්ල එකතු නොවුයේ නම් 
මේ මොහොතේ, මාවතක් අද්දර මියදුන මව් එළදෙන 
තම නාඹර පැටවාගේ සුරතල් බලනු ඇත. 
හාම්පුතුගේ පව්කාරකම ඔවුන් මතින් යන ලදී. 
අපේ වර්ගයාගේ කුහක ගතියට 
අසරණයන් දෙදෙනාගේ මළ සිරුරු රැඳී තිබුනේ 
විනාඩි ගණනකට පමණි. 
එක්තරා වෙළෙන්දෙකුට ඔවුන් මළ දේහ වෙළදාමක් විය.
කරකියාගන්නට කිසිවක් නොවූ මා හට 
සිදුවුයේ ඉකි ගසන හදවත හා තෙත් වූ දෑස් අයා 
උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටීම පමණි. 
සැබවින්ම එය 
" කම්පා සහගත අසාධාරණ මරණයක් !!! " 

~ අනු පෙරේරා ~



Siththam Maya | Anu Perera. Powered by Blogger.