" සොයන නුඹ "
මා හෙව් මායාව නුබම විය ....
දෙපා වාරු
නැති මොහොතේ
මා හෙව් අත නුබගේම විය ...
මතකය ද
අමතක වූ මොහොතේ
මා හෙව් මතකය නුබම විය ...
කඳුල හංගා
හිනැහෙන්නට වෙර දරන මොහොතේ
මා හෙව් සැනසුම නුබම විය ...
සියල්ලට
හොරා ඉකිගසන්නට
මා හෙව් උණුහුම නුබම විය ...
ක්ෂණයෙන්
මා ගොඩ නැගු ලෝකයම
මා ඉදිරියේ කඩා වැටෙන විට
මා හෙව් නුබ ???
මා හෙව්
නුබ ?
සොයන නුබ ?
...........
| Anu Perera

Comment with Facebook