Ads Top

" I Donated BLOOD "

  

අවුරුදු ගානක බලාපොරොත්තුවක් .. වතාවක් ලේ පාට මදි කිව්වා , ඉතිං මං හීනෙකින්වත් කන්න නොහිතපු නිවිති එහෙමත් කෑවා , වතාවක් ලේ පාට ඇතිලු ඒත් බර මදිලු , ඉතින් මං ඇහුවා ඒකට මොකද කරන්ඩ ඕනේ කියල . "පුතේ නිදිමරන්න එපා" , "පුතේ ඔයා උදේට කන්නේ නෑ නේද?උදේට තමා කන්ඩ ඕනේ" ,"පුතේ අරක කරන්ඩ , පුතේ මේක කරන්ඩ" .... කියපු හැමවිදියටම මං නැටුවා. ඔන්න ඔය පියවර ඔක්කොම පහු කරනකොට මං විසි වතාවක්ම කුරුණෑගල හොස්පියට බඩ ගාලා තියෙනවා. ඔන්න ඔය විසි වතාව නිසා එහෙ #BloodBank එකේ උදවිය මාත් එක්ක ෆට්ට ෆිට්. "අහ්හ් පුතා අදත් ආවද?","පුතා අදවත් ට්‍රයි එකක් දෙමුකෝ ","පුතා ෆෝරමය පුරවන්ඩ කලියෙන් බර බලල ඉමු ","පුතා ෆෝරමය පුරවන්ඩ කලියෙන් බ්ලඩ් චෙක් කරලා ඉමු". මට හිතෙන්නේ වෙන කාටවත් වැඩියෙන් මේ අවශ්‍යතාවය උදවියට තේරුණා. මගේම යාළුවො "මොකද්ද බං උඹ හැමදාම ලේ දෙනවා කියල ගිහින් හැරෙන තැපෑලෙන්ම එන්නේ ?"," බේන් එක්කෙනෙක් ලේ දීලා ඇවිත්","අහ්හ් නංගි ආරංචියි ගල් කැටයක් සාක්කුවේ දාගෙන බර කිරන්ඩ ගියා කියල"," අනුවෝ පවු බං උඹ" වගේ නෝන්ඩි කතා කියනකොට මං හිනාවෙලා පැත්තකට උනා මිසක් තර්ක කරන්ඩ ගියේ නෑ මොකද මං මගේ හීන හැබෑ කරගන්නේ බොහොම හෙමිට උත්සාහයෙන්. වෙනදා කොළ ජාති පැත්තකට කරපු එකා කොළ හොයා හොයා කෑවා (අම්මවත් පුදුම කරමින්). ජිවිත තුනක් වෙනුවෙන් මං මට ආදරේ කළා.සල්ලි කාරයෙක් වෙනවට වඩා මගේ හීන වෙනස්. #DeadBody එක #MedicalCollage එකට ලියපු එක, එක හීනයක්  ,මේ තව තව හීනයක් ...

මේ ලේ දුන්න 21 වෙනි වතාව නම් නෙවෙයි හැබැයි ලේ දෙන්න ආපු 21ක් වෙනි වතාව . සමහර විට සුභ නැකත එන්නත් මට අවුරුදු 21ක් වෙනකන්ම ඉන්න උනාද දන්නැනේ .... <3

| Anu Perera

Siththam Maya | Anu Perera. Powered by Blogger.