Ads Top

Thadam #Review

Thadam movie review Magizh Thirumeni Arun Vijay - Siththam Maya

ඉමැජිනේෂන් මත ගොඩ නැගුණු බහුතර හොලිවුඩ් ෆ්‍රික්ෂනල් කතා වලිනුත්, මල් යායක්, අනිවාර්ය සිංදු හත අටක්, ඉටි රූපේ වගේ ගෑල් ළමයෙක්, පොත්ත සුදු වීරයෙක්, විලන් පවා හැන්සම් පොරක්, වගේ බහුතරයක් බොලිවුඩ් ෆිල්ම්ස් වලිනුත්, ‘දකුණු ඉන්දියානු සිනමාව’ වෙනස්. සෑහෙන්නම වෙනස්. සවුත් ඉන්ඩියන් චිත්‍රපටි වල, කතා කෙරෙන්නේ මහා පොළොවේ සිරා ප්‍රශ්න, සමාජයේ රියල් ප්‍රශ්න. දූවිලි පාට කලර් ටෝන් එක, වෙට්ට්රි සරම, මන්න පිහි, ආයුධ, සබ් ටොපික් එකක් හැටියට තියෙන ලව් හුටපය, බෝරින් ගතිය නැති කරන්න වීරයාට ජෝකර් යාළුවෙක් ඉන්න එක, කුතුහලය, පොලීසිය, විවිධ විවිධ මාෆියා වර්ග වගේ ඉමේජස් තමයි මගේ ඔළුවේ එයාලගේ සිනමාවේ අයිඩෙන්ටිටි එක විදියට පැල පදියම් වෙලා තියෙන්නේ.


දකුණු ඉන්දීය සිනමාව නිර්මාණය වෙන්නේ ප්‍රධාන ෆිල්ම් ඉන්ඩස්ට්‍රීස් 5ක් එකතු කරගෙන. ‘චෙන්නායි’ බේස් කරගෙන ‘දෙමළ සිනමාව’ ත් (Kollywood), ‘හයිද්‍රාබාද්’ බේස් කරගෙන ‘තෙලිඟු සිනමාව’ ත් (Tollywood), ‘කේරලය’ බේස් කරගෙන ‘මලයාලම් සිනමාව’ ත් (Mollywood), ‘කර්ණාටක’ ය බේස් කරගෙන ‘කන්නඩා සිනමාව’ ත් (Sandalwood) සහ ‘තුලුනාඩුව’ බේස් කරගෙන හැදුනු ‘තුලූ සිනමාව’ වේත් (Coastalwood) එකතුවෙන්. ‘ලොස් ඇන්ජලීස්’ බේස් කරගෙන ආරම්භ වුණු ‘Hollywood යේ නමට ඇප නැති වෙන්න දැන් ඉන්දියාවේ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට ‘wood කෑල්ල එයාලගේ සිනමා ඉන්ඩස්ට්‍රීස් වල දාගෙනත් තියෙනවා. පව් !


හරි අපි කතාවට බහිමු. 2019 දී ඇක්ෂන් ත්‍රිලර් කැටගරියෙන් රිලීස් වුණු ‘තඩම්’ (Thadam) චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ තිරපිටපත් රචනය ‘මගීල් තිරුමේනි’ (Magizh Thirumeni) කියන දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා අතින් සිදු වෙනවා. ලෝගෝ එකේ ඉඳන් අයිඩෙන්ටිකල් ටුවින්ස් කියන ටූල් එක හරහා ක්‍රයිම් සීන් එකක් දක්වා කතාව ගොඩනගන්නත් හොඳටම හෝම් වර්ක් කරපු, හොඳටම රිසර්ච් එකක් කරපු ඩිරෙක්ටර් කෙනෙක් බව චිත්‍රපටියෙන්ම ඔප්පු කරලා තියෙනවා. ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ ‘ඉන්දර් කුමාර්’ (Inder Kumar). ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ ‘අරුන් විජේ’ (Arun Vijay) මේ වගේම සමාන කැටගරියේ වෙනස් චිත්‍රපටි කරන්න කැමති රංගන ශිල්පියෙක්. මිනීමැරුමක් සම්බන්ධව සර්වසම නිවුන්නු දෙන්නෙක් වරදකරුවන් කරගෙන පොලීස් පරීක්ෂණයක් සහ නඩු විභාගයක් සම්බන්ධව කතාව ගෙතෙනවා.


‘ජාන’ ‘DNA ටොපික් එක නැගලම යන කාලෙක hiru tv එකත් සෙනසුරාදාවේ ලන්ච් ටයිම් මූවි එක විදියට අත ඇරපු කාලානුරූපී හොඳ බුලට් එකක්දෝ කියලත් හිතෙනවා. එක වගේ කාබන් කොපි නම් ඒ ‘නිවුන්නු’ කියලා දැනගෙන හිටපු මං වගේ අයට එතැනින් එහාට මේ ‘සර්වසම නිවුන්නු’ (Identical Twins) ගැන ඉගෙන ගන්න චිත්‍රපටියේම මුලාශ්‍ර සපයනවා. එකම සංසේචිත ඩිම්බයක් (Fertilized Ovum) තුළ ඇති කළල දෙකකින් සිදුවන උපත් ‘සර්වසම නිවුන්නු’ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය නිවුන්නු (Fraternal Twins) වගේ නෙවේ මෙයාලගේ Gender එකේ ඉඳලා DNA එක දක්වාම සමානයි. අසමාන තැනක් තියෙනවා නම් ඒ එකම එක තැනයි, ‘ඇඟිලි සලකුණු’.


චිත්‍රපටියේදී අපියි පොලිසියයි එක ටීම් එකක් විදියටත්, අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන නළුවා එක ටීම් එකක් විදියටත් නිරූපණය වෙනවා වගේ තියෙනවා. පොලීසිය හැම සාක්ෂියක් පස්සෙම බොහොම සීරුවට හොයාගෙන යනවා, අපිත් ඒ එක්කම කුතුහලෙන් බලා ඉන්නවා, සපෝර්ට් කරනවා. හැමදේම ‘ඕකේ’ කියලා හිතන තැනටම ගෙනත් ආයේ මුල ඉඳන් පටන් ගන්න ඕනෑ තැනට අධ්‍යක්ෂකවරයාත් රංගන ශිල්පියාත් සීන්ස් ටික උඩ යට මාරු කරනවා. ෆිල්ම් එක මෙහෙමයි මෙහෙමයි කියලා කියාගෙන කියාගෙන යන්න තියෙන ලෝබකමට මං වචන ඉතුරු කරනවද කියලත් හිතෙනවා, ඇක්ෂන්-ත්‍රිලර් කැටගරියට කැමති එල පොරක් නම් ‘තඩම්’ චිත්‍රපටිය අනිවාරෙන්ම බලන්න. It worth your time !


අනූ පෙරේරා | සිත්තම් මායා

Siththam Maya | Anu Perera. Powered by Blogger.