Ads Top

ආදරෙත් කාට හරි වැරදිච්ච පරීක්ෂණ ගොඩක්

ඉඳහිටක ගලවගෙන 
ප්‍රේමයේ ඉණි වැටක්
තවම වැරෙන් මෙන් 
පහර දෙන එක මගෙ වැඩක් 
ඒ බවත් දැන දැනම 
නුඹ බලා ඉන්නා වගක්
සෘතු පමණයි වෙනස් වුණේ 
මම තවම ගලක්

නමක් දුන් පලියටම  
වෙනවද පෙම් යුවලක්
මොකටද උණු නොවන 
හිතක බොරු දිව්රුමක්
ඇත්තමයි ජීවිතෙ 
වාගෙයි තිත්ත කසායක්
ආදරෙත් කාට හරි 
වැරදිච්ච පරීක්ෂණ ගොඩක්

🖌 මකරි | සිත්තම් මායා
Siththam Maya | Anu Perera. Powered by Blogger.