Ads Top

නිර්වාණය දුටිමි

මම,
අපවත් වන්නට පෙර
නිර්වාණය දුටිමි
නුඹලා,
ගාථා සජ්ඣායනය
දැහැමින් සිදු කර
බැහැර ගොස්
පව් රැස් කරති
බණ පදය
සන්සුන්ව අසා
පූජා භූමියෙන්  පිටතදී
තුච්ච ලෙස හැසිරෙති
මම සහ තොප
සැසඳිය නොහැක
මා දැන්
බොහෝ දුර ගොසිනි
තොප තවම එකතැනය
සැබෑම නිවන දුටුවේ
මා පමණි !
මට දැන් අපවත් වුණත් නැතත්
ඵලක් නැත !
නුඹලා තවත් සහස්‍රයක්
මේ සංසාරයේ
නන්නත්තාර වෙමින්
ජීවිතය අනුභව කිරීමට නියමිතයි !

රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.