Ads Top


ප්‍රේමය 
කවදා, කෙසේ ඇරඹුනා දැයි 
මම දන්නේම නැත 
නමක් දාගෙන පටන් ගන්නා බැඳීම් 
සමානයි සීමා සහිත පාඨමාලාවකට 
ඇත්තට අපිට මොකටද 
නමක් තියෙන බැඳීමක් ?
අපි දාගමුද නමක් 
පටන් ගත්තාට පසුව බැඳීමක්
හීන් හිරි පොද වැස්සෙන් 
සෝදා හරිමු සියළු වේදනාවෙන් 
හදවත ඇතුළේ හැංගුනු 
හැඟුම් ඔක්කෝම 
පවසන්න එකම වෙලාවක 
ඉතුරු හැම තප්පරේම 
ජීවත් වෙන්න මාත් එක්කම 
පොරොන්දු අවශ්‍ය නෑ මේ බැඳීමට 
වෛරයේ ගිණි පුපුරු 
සාමයේ වැහි පොදෙන් නිවා දමමු 
ඉදිරියේ රණ්ඩු විය යුතුම නැත 
ප්‍රමාණවත් 
ඇහුම්කම් දීම පමණි 
ජරාජීර්ණ වූ ප්‍රේමයේ 
දිරාගිය දොරපළු විවර කර 
මා සිටින තැනට ආ හිතවතිය 
මේ නුඹේ ජීවිතයේ ඇරඹුමයි 

රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.