Ads Top

ආදරේ මං ලඟ හැමදාමත් පරාජිත ඇයි ද මන්දා

තරු රටා අපමණින් අහසේ
මොකට තිබුනා ද මන්දා
හදිසියේ නුඹ සොයන්නට
නොහැකිවන්නට උගුලක් ද  මන්දා

"අහසත් බොහෝ රහස් නොකියාම සිටියා ද මන්දා"

අඳුර රැගෙන විත් තබා රහසේ
දෙකන් කෙළවර රහස් මුමුණා
ස්පර්ශයේ වින්දනය ළඟ හැකිලි
හැඟුම් ගිල ගත්තාද මන්දා

"මොකක් නමුත් ආදරේ මං ලඟ හැමදාමත් පරාජිත ඇයි ද මන්දා"

සිහින පියවිලි අතර සරමින් 
බොහෝ බියකරු හීන රන්දා
අදත් මා තනි කළත් රහසේ
කොතන වරදක් තිබුනා ද මන්දා

"දිනුම පැරදුම නොයිල්ලාම හිරු අහසින් බැස ගියෙ ඒ නිසා ද මන්දා"

මකරි | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.