Ads Top

පෙම්වතෙක් වෙන්න මට සුදුසුකමක් නැද්ද ?

කොටු ත්‍රිකෝණ වෙච්චි කලිසමෙ පැච් වෙච්ච 
වීදුරුවක් බිඳුන කණ්නාඩියක් උරුම වෙච්ච 
නිතරෝම බර පොත් අස්සෙ  ඔට්ටු වෙච්ච 
රැඩිකල් නෙවෙයි ජීවිතෙ බර උරහිසෙ මට්ටු වෙච්ච 

ගමෙන් ආවා තමයි ඉගෙන ගෙන්නත් වෙහෙස වෙච්ච් 
අන්තිම ඉඩම් කෑල්ලත් අත වනා පිට ගමට සින්නවෙච්ච් 
අරුමෝසම් ලඟ ඉඳහිටක හිත නතර වුනා ඒත් ආපහු හැරිච්චි 
මම තමයි පෙම්බරියෙ ලොකු මෝරු ලඟ සාලයා වගෙ වෙච්ච 

හිස අත ගගා හිත තැව්ව ඈ මගෙ සිරි දෙව්දුව වෙච්ච
මතකද දවසක් හීනෙන් ඇවිත් දුන් හාදු හිත පිරිච්ච
ඈට හීනයක් වෙන තිබ්බෙ ⁣නෑ මටම වෙන් කෙරිච්ච
ඔව් මම තමයි පෙම්බරියෙ ඈගෙ පුතා මහ මෙරක් මිරිජ්ජ

පන්ති ප්‍රාන්තරය මැද කොහොමත් තුනටම වැටිච්ච
කකුල් දෙකට පිං සිද්ද වෙන්න ජීවිතෙ ගෙවිච්ච
ලාඩමක් වෙලා මොකටද කුරෙකට තද වෙච්ච
ඔව් මම තමයි පෙම්බරියෙ උඹ එපා කිව් කරිජ්ජ

මකරි | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.