Ads Top

මාතෘකා විරහිත ජීවිතයකට උරුමකම් කියූ ශුක්‍රාණුව

naked person sitting on green grass

ඉස්සර දවස් වල වගේ
දැන් මගේ මූණෙ හිනාවක්
හොයාගන්නවත් නැති තරම් !
හැංඟිලා වියැකිලා ගිය හිනාව
ආයෙ කිසිම දවසක නේන්නම ගිහින්
මට අහිමි වුණු සැබෑ සිනහව
දිනපොත මඟින් කෘතිමව ලැබෙන නිසා
මම දිනපොත පෙරලා අතීතය කියවමි
සිනහව ඇත්තේ මගේම අකුරු ඇතුළෙයි
කොංක්‍රීට් බිත්ති හතරකට මැදිව ගෙවන
මේ ජීවිතෙන් මිදෙන්න
මැරෙන තුරාවට බැරි වෙයි..
හැල්මෙ දුව දුවා පෝෂණය වන්නට දත්මිටි කන
මැෂින් මිනිසුන් මැද
මා බිහි වූයේ ඇයිදැයි අසන්නට
මට කවුරුත් නැත !
රැයක් දවාලක් නැතිව
හිස් ලූ ලූ අත දුවමින්
මැටි ගැහැණු මිනිස්සු වැලපෙද්දී
මම හිස් බැල්මෙන් අහස දෙස බලා සිටිමි
ප්‍රේමයක් මට නැත
බැඳීමක් මට නැත
ආදරණීය හිස්කම සමඟ
මම ස්වයංවින්දනයක් ලබමි
මැෂින් ප්‍රේමයට වඩා සැනසීමෙන්
හිස්කම සමඟ සංසර්ගයේ යෙදෙමි !

- රැහැන් මාරා - 

Siththam Maya | Anu Perera. Powered by Blogger.