Ads Top

සහෝදර උත්තමාචාරය !!!


කිසි දිනෙක මට බැරි වෙයි 
මහාරාණිය ගේත් රාළහාමි ගේත් 
ගෝල්ඩන් පුතා වෙන්නට 
ඔවුන් එතරමටම ආඩම්බරයි 
ඔවුන්ගේ වැඩිමහල් පුතා ගැන 
මාගේ එකම සහෝදරයා ගැන 
දෙමාපියන් ලබන ඉහළම දිනුම 
උන්ගේ පුතු රට වෙනුවෙන් දායාද කිරීම 
මං ආදරේට කියන කුමාර කාශ්‍යප 
මට හාත්පසින්ම වෙනස් 
දෙමාපියන්ට කීකරු උගත් 
මගේ ආදරණීය සහෝදරයා ගැන 
වචනයක් දෙකක් කිව යුතුමය මම 
ෆෝසස් යන්න ඕනෑය ලෙස 
හත්පොළේ අඩි හපමින් 
ජිවිතේ පළමු වතාවට මුරණ්ඩු වෙනකොට 
අපි යුද්ධයක රළු බව විඳිනතර 
ඕනෑම පෘතග්ජන දෙමාපියෙක් 
අකමැතිම තීරණය දෙනකොට දරුවෙකුට 
ඌ air-force ඇප්ලිකේෂන් එක දැම්මේ 
මරණයත් කරේ තියාගෙන 
මට මතකයි dialog tv නැති ඒ දවස්වල 
අපි නිතර දෙවේලේ බලනවා නිව්ස් 
මාරුවර චැනල් තුන හතර එකම වෙලාවක 
මාස ගණන් බලාන ඉන්නවා 
තැපැල් පතක් එනකම් එයා එවන 
මට මතකයි අයියගෙන් ලියුමක් ආ දවසට අම්මගේ මූණ 
අමාවක උනත් පුර පසළොස්වක විලසට 
මාස ගණන් ෆ්‍රිජ් එක ඇතුළේ පරණ වුණු කෑම වර්ග 
පුතා එනකම් බලන් ඉන්නවා උනුත් යස අගේට 
ඔහු ආවේ අවුරුද්දකට පසුව 
මං හිතන්නේ මට මතක හැටියට 
මුළු සරුවාන්ගේම අත ගෑවේ ඇය ඔහුගේ 
පුංචි දවස්වල පොඩි එකෙකුට අම්මෙක් ආදරේ කරනවා වගේම 
ඇදිලා ගිහින් නැතත් අම්මෙක් හිතන්නෙම එහෙම 
දරුවෙක් කාලයක් නොදැක්ක පමණම 
ඉතිං මට මතකයි ගෙදර ඉන්න දවස්වල 
මහාරාණිය ඔහුට සළකනවා රජෙකුටත් වැඩිය 
ඉරිසියාවක් නැතුවම නෙවෙයි 
ඒත් මාත් ආසයි ඔහුගේ අස්සෙම ඉන්නට ඒ දවස්වල 
අදටත් මං දන්නේ නෑ උන්දැගේ පෝස්ට් එක 
හැබැයි කිව යුතුමයි පෙර ඔහු වරලත් ගණකාධිවරයෙකු බව 
මේ වචන දෙක තුන ඔහුට 
ඔහු නියෝජනය කරන ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට 
ජීවමාන සතරවරම් දෙවියන්ට 
මගේ රට පණ මෙන් සුරකිනවාට 
මගේ රට ආයුෂයෙන් වඩනවාට !!
සෙබළ, 
අපි සැමදා ණයගැතියි නුඹට 

#අනුවා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.