Ads Top

හදා ගන් ඒ හිත හෙමිහිට


හදා ගන් ඒ හිත හෙමිහිට 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට අහන්නම හිතුණා 
නුඹ තාමත් දුකින්ද බව 
පහුගිය දවසක වුණු ගින්දර 
තාමත් හිතේ පුපුරනවද 
හෙමිහිට 
සැරින් සැරේට ,
මට අහන්නම හිතුණා 
කෝමද ගෙනාවේ ඒ සිනහව 
පරදාගෙන ඒ දුක් කන්දරාවම 
තිබුණේම නෑ මට අයිතිය
නුඹෙන් එය අසා සනසාවාලන්නට 
ඒත් අහනවිට ඒ පද පේළිය 
දන්නවද පිච්චුන තරම මගේ හිත 
ආගන්තුකයෙක් වුණත් සදහට 
දැන් ඉතිං වුණු දේ වුණානේ මිතුර 
හදා ගන් ඒ හිත හෙමිහිට 
සත්තයි දන්නවා මං 
එය උඹට පුළුවන් බව 
ලෝකයා කතා කියාවී 
උන් දන්න බම්බුව 
මට තේරෙන්නෙම නෑ තාම 
වෙන් වීම දරාගනු කොහොමද 
මන්දා බං මේවා දඩ ප්‍රස්න 
බීලාම කතා කරමු 
අපි වෙන දවසක 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.