Ads Top

වියසිදුරක හිත වත්කම


වියසිදුරක හිත වත්කම 

සිත්තම් මායා | අනූ පෙරේරා 

නෑ  මං හිතුවෙම නෑ බං 
කවමදාවත් බයිස්කෝප් එකක් පිටුපස 
දූවිල්ලක් වගේවත් 
හිඳින්නට පුළුවන් බව 
අර අඟල් 32 ක එහා තීරෙන් 
අපි මැරෙන්නට හදන තාරකා හා 
එකට හිඳ සැල්ෆියක් ගත හැකි බව 
උනුන් හා කඳුළු එනතෙක් සිනාසෙන්නට 
මං හිතුවෙවත් නෑ බං 
එතරම් නිහතමානිද ඔවුන් 
මේ අපි වගේ සරල සාමාන්‍ය මිනිසුන් හා 
එකට සෙට් වෙන්නට 
ඉතිං මට මතක් වුණා 
අපි හැමෝම එකම මිනිස් කුලයක බව 
ඒත් එක්කම දන්නවද 
අපේ බයිස්කෝප් සැට් එකටම හිටියේ 
එකම කෙල්ලන් දෙදෙනෙකු බව 
උන් දෙන්නත් කොල්ලන් මෙන් හරි හරියට 
ඔට්ටු වුණාලු බයිස්කෝප්, ඕනේ බෙහෙතකට 
උන් දෙන්නව බලාගත්තාලු 
බැජ් එකේ හිටි කොල්ලන් 
හරියටම ඇස් දෙක වාගේම 
ඉතිං මේ අකුරු 
ඒ ආරක්සාවේ කෘත ගුණයද 
ඒත් එක්කම බයිස්කෝප් හැම අප්ඩේට් එකක්ම 
ඇති බං ඇති ලෙස විහිළුවට බැන බැන 
ඇසූ බාහිර සැට් එක ද 
අලලා යමක් ලියන්නට හිතුණා 
වැඩ අහවර වුණු එකම එක ඕෆ් ඩේ එහෙක 
හරිම විඩාබර නිදහස් හැන්දෑවක 
ප්‍රාර්ථනා කරන්නෙම හිතින් හෙන දැඩිව 
ඒ බයිස්කෝප් දවස් දහය 
නොගෙවෙන ලෙස හරි ඉක්මනට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.