Ads Top

නොතේරෙන හැඟීමක් !


නොතේරෙන හැඟීමක් !

සිත්තම් මායා | අනූ පෙරේරා 

තිත්තම තිත්ත උණු කෝපි එහෙකට 
මට හිතෙන්නෙම වස ටිකක් කවලම් කරගන්නට 
හෙමි හෙමිං රස විඳින්නට 
හිතෙනවා බං වෙලාවකට 
ඒකෙත් හරි අමුතුවට 
කලාවක් ඇති බව හිතෙනවනෙ මට 
කවුරුත් නැති වේවි බං හඬන්නට 
උඹට උඹ විතරක්ම සිටිනකොට 
උඹේ දුක් හැඟුම් ලෝකයට 
වැඩක් නෑ තඹ සතේකට 
අහනවද උන් නිකමට 
දුක් ගැනවිල්ලක් හරි දුකට 
නෑ බං ගාණක් එය ලෝකෙට 
උන්ට ඕනේ විතරයි හිනා වෙන්ට 
වහගන්ට ඔය කට දවසකට 
කිසි එකෙක් නැති වෙයි අන්න එදාට 
ඉතිං කුමට ඇසුරද පණ දෙන්ට 
ඉමු අනේ අපි අතේ දුරින් හරි සෑහෙන්ට 
ඒ ගෙවෙන්නට ඇරඹෙන දුෂ්කර කාලයට
මුහුණ දෙමුද අපි හෙන ගැම්මට 
එන්න මගේ අත අල්ලාගන්ට 
ඕනේ නෑ උන් මං ඉන්නවානේ උඹට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.