Ads Top

සිහිනයක් සහ බොරු වියදමක්


සිහිනයක් සහ බොරු වියදමක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මටත් හිතෙන්නෙම 
අපි ලොකු වෙන්නට ලොකු වෙන්නට 
අපේ ජීවිත සංකීර්ණ වන බව 
මොකද දන්නවද 
පොඩි කාලේ මට 
මාර සල්ලි ගොඩක් තිබුණා මතකයි 
අයියටත් ණයට දුන්නේ මම 
මගේ ලොකුම හීනේ කාර් එකක් ගන්න එක 
ඉතිං මං එකතු කරා මට හම්බුන හැම රුපියලක්ම 
ඒ මත ඒ වෙනුවෙන්ම 
හැමදාම උදේ ඉස්කෝලේ යන්නට පෙර 
මට හම්බුණා රුපියල් පනහක් 
වියදම් කරන්නට හිතේ හැටියට 
එහෙමයි හිතුණේ ඒ දවස්වල 
දන්නවද මචං මම 
ඉතුරු කරගත්තා ඒ රුපියල් පනහම 
මගේ සිහින කාරය වෙනුවෙන්ම 
කන්නට ආසා දේවල් කැප කළා මම 
අඳින්නට ආසා දේවල් කැප කළා මම 
විඳින්නට ආසා දේවල් කැප කළා මම 
මගේ එකම සිහිනයක් මත 
ළඟම උන් හිනා වුණා මට 
මගේ ගිණුමේ පළමු රුපියල් දෙදාහා එකතු වුණු විට 
ඔවුන් කීවා ඒ මුදලින් කෙසේවෙතත් වාහනය 
මල් මාලයක් ගත හැකි බව ඊට 
දන්නවද මම අඬපු තරම 
මට කාර් එකක් ගන්නට බැරි වෙයිද කියන බයටම 
අදට මේ අවනඩු වලට හරියටම අවුරුදු දහයක් ගත වී ඇත 
තවමත් මට කාර් එකක් නැත 
එනමුත් ස්වාධීන මිනිසෙක් වී ඇත 
ගොඩක් දේ තනියෙන් දිනා ඇත 
එලෙසම වෙනස් වී නැත 
මම සිහින වලට කරන අරගලය 
අදටත් කැප කරනවා ආසම කෑම් බීම් සිහිනයක් මුල්කොට 
ඇඳුම් පැළඳුම් පස්සට යනවා සිහින ඉදිරියට 
බොරු වියදම් නැතිම තරම් අනේ බං මොකටද 
හැබැයි එකම එක දෙයක් 
එදා හිනා වුණු උන් අදටත් දෙමාපියන්ගෙන් යැපෙනකොට 
මං දිනුවා මගේ සිහින හෙමිහිට 
ආන්න ඒ ගැන සතුටුයි බං මට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.