Ads Top

බලාපොරොත්තුවක් ! ඔව්, බලාපොරොත්තුවක් !



බලාපොරොත්තුවක් ! ඔව්, බලාපොරොත්තුවක් !

සිත්තම් මායා | අනූ පෙරේරා 

එතරම්ම බලවත් 
බලාපොරොත්තුවක් !
මිනිසෙක් නැගිටුවන්නට,
දිනවන්නට 
මෙන්ම ජීවත් කරවන්නට 
ඒවිතරක් නොව 
එයටම හැකියි 
මිනිසෙක් හෙලා දමන්නට,
පරාජය කරන්නට,
මෙන්ම ඝාතනය කරන්නට 
මට හිතෙන්නේම 
හිඳින්නට හැකි වේවි මිනිසෙකුට 
මුදල්, සතුට වගේම ආදරයත් නැතුව 
හැබැයි කිසිදා 
බලාපොරොත්තුවක් නොමැතිව 
ලෝකයක් ප්‍රතිනිර්මාණය වන්නෙම 
එහි පදනමින් බව 
දස ලක්ෂ ගාණකින් 
වෙනස් වුන එකම එක 
සිතුවිල්ලක් මත 
වෙනස් වන මුළු ලොවක්ම, 
ඉතිං එය නොවේද 
මිනිසාගේ දැවෙනම පිපාසය 
ලෝකයා කියාවි 
උන් දුවන්නෙම සල්ලි පසුපසින් බව 
නෑ මට සිතෙන්නෙම 
උන් දුවන්නේ බලාපොරොත්තු මතම බව 
එකිනෙකාට වෙනස් එකිනෙකට වෙනස් 
හීන කන්දක් උඩ 
ඉතිං තේරෙනවද උඹට 
සෙල්ලමක් නොව එය 
එතරම්ම බලවත් 
මානුෂීය හැඟුමක් බව 
බලාපොරොත්තුවක් ! ඔව්, බලාපොරොත්තුවක් !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.