Ads Top

ආවේගය වැළඳ ගත්තෙමි !


ආවේගය වැළඳ ගත්තෙමි !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මචං දන්නවද 
මුළු ලෝකයාම 
ඇඟිල්ල දික් කරන්නෙම මට 
තරහ යනවලු දිගට හරහට මට 
එහෙමමත් නෑ බං 
මං ඉවසනවා ටිකක් විතර ඉඳ හිට 
ඔය බැරිම වුනොත් විතරක් 
වචනයක් දෙකක් හුවමාරු වන්නේ සැර 
ඒත් මටත් තේරුණා පහුගිය දවසක 
අවුට් ඔෆ් කොන්ට්‍රෝල් වගේ 
හැසිරෙනවා සිත 
හරියටම කිව්වොත් 
පෙර කාලයක මෙන් මම 
ඉතිං මං කල්පනා කරනවා මේ රැයක් තනියම 
ඇයි ආයෙම පටන් ගත්තේ මේ සෙල්ලම 
මං හරි සංයමයෙන් හිටියේ හැමතැන 
සිනහව විතරමයි ඇත්තටම මතකම  
තිබුණේම නෑ රණ්ඩු සරුවල් 
නිරපරාදේ උන් ළඟ 
කොතනින් කොහොම වෙනස් උනාද 
මටවත් නොදැනිම 
හැබැයි දන්නවද උඹ 
මට දැනෙනවා මම වෙනස් වන තරම 
පාලනය කරන්නැයි කියන ඒ ආවේගයම 
වෙනවා අඥාතව ශක්තියක් 
හෙමිහිට මේ මට 
ඉතිං මං ආදරෙයි ඒ මගේ තරහට 
හොඳකට හෝ නරකට 
ඌ මාත් එක්කම ඉන්නවට 

#අනුවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.