Ads Top

සදාතන නුරාවක් !


සදාතන නුරාවක් !

සිත්තම් මායා | අනූ පෙරේරා 

ලෝකයා කියන්නෙම 
දුවලා ආදරේම තාත්තලාට බව 
ඔව් ඒක ඇත්තක්, නොවෙනස් ඇත්තක් 
එනමුත් දන්නවද 
අම්මලාගේ ආදරේ දිග පළල 
දරාගන්නත් බැරි තරමට 
උහුලන්නත් බැරි තරමට 
මිහිපිට කිසිම කෙනෙකුට බෑලු 
ඒ සමඟ තරඟ වදින්න කරට කර 
ඉතිං මට තේරෙන්නෙම නෑ 
කෝම අපි ජිවත් වේවිද 
මා පිටගම් වූ දාට 
කෝම තනිකම ගෙවයිද ඇය 
මා ළඟ නැති දාට 
කෝම වචන පාලනය කරගනීද මම 
එය අසන්නට ඇය ළඟ නැති වනකොට 
එනිසා මං හොයන්නෙම 
බින්න විවාහෙකට මුල පුරන අයෙක්ව 
කිසිදා ඇයව තනි නොකරන සැලසුමක සිට 
අදටත් එයා බලා ඉන්නේ මා එනකන්ම 
මාගේ කන් කරච්චලය ආසාවෙන් අහන් ඉන්න 
ඔය සමහර වෙලාවට අපි දාගන්න 
චූටි චූටි අඩ දබර මත 
අපේ ආදරය තව තවත් ලස්සන වන බව 
ඒ ආදරය තව තවත් වැඩි වන බව 
අදටත් ඔයා මගෙන් අහන ඒ පැනයට 
කෙතරම් ආදරෙයිද සුදු පුතා අම්මට 
එකම එක පිළිතුරයි ඇත්තේ ඒ කාලයේ වගේම 
මෙන්න මෙච්චරක් 
තුන්සිය හැටක අංශකයට 
රිදෙන තුරු වූවත් දෑත් අඹරාගෙන 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.