Ads Top

ප්‍රතික්ෂේපණය


ප්‍රතික්ෂේපණය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සොයුර, 
අපි වෙලාවක හම්බෙමු 
බ්‍රෑන්ඩ්ඩඩ් දුමක් දාන්න 
උඹේ දුක අහන්න 
මගේ දුක කියන්න  
ලෝකය ගැන කතා කරන්න   
කටින් හෝ සමාජය හදන්න 
ලැබීම් නොලැබීම් ගැන ප්‍රශ්න කරන්න 
ඒ සියල්ලම ඉවර වුණෝතින් 
තවත් කුපාඩි වැඩක් සැලසුම් කරන්න 
උඹ දන්නවද සොයුර 
මට තාමත් හිතාගන්න බැරි බව 
ඒ නැවතුණ හිත මෙහාට ඇදගන්නා විදිය 
හිතක් පපුවවක් ඇති මිනිහෙක් ගාණට 
ජීවත් වෙන්න අමාරු බව 
දැන් දැන් තේරෙනවා ගන්නද මං නපුර 
ඒක වෙනම කලාවක් බව 
ටික කලක සිට දැනුණා මට හෙමීට 
වඩා හොඳම 
මිනිසුන්ගේ ආදරයට වඩා නොසලකා හැරීම 
ඒ ගණන් නොගැනීම 
මොකද බං සොයුර 
එතකොට අපි පුරුදු වෙනවා 
ඉබේටම ප්‍රතික්ෂේපණයට 
උදව් නැති කොට තනියෙන් නැගිටින්නට 
ආත්මය ශක්තිමත් කරගන්නට 
ඉතිං මං ඉල්ලුවා දෙවියන්ගෙන් අද 
මෙතැන් පටන් වරදවන ලෙස හැමදේම මට 
විෂයක් විදියට 
ප්‍රතික්ෂේප වීම ඉගෙන ගන්නට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.